සචින් ටෙන්ඩුල්කාර්ගේ දියණිය නිරූපණ ලෝකයට


ලෝක ප්‍රකට ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයෙක්වූ සචින් ටෙන්ඩුල්කාර්ගේ දියණිය වන සාරා ටෙන්ඩුල්කාර් මේ වනවිට නිරූපණ ක්ෂේත්‍රයට අවතීර්ණවී ඇත. කුඩා කල සිටම සමාජ ජාලාවල ප්‍රසිද්ධියක් ඉසිලූ සාරා තමන්ගේ Instagram ගිණුම හරහා බොහෝ දෙනෙක්ගේ ආකර්ශණය දිනාගන්නට සමත්විය.

ඇගේ සුරූපී රුව සහ ආකර්ශණීය සිනහව මෙන්ම පියාගේ ප්‍රසිිද්ධිද සාරා ටෙන්ඩුල්කාර්ගේ ජනප්‍රියත්වයට නොමද සහයක් දුන්බව නොරහසකි. 

මෑතකදී ඇය තවත් යොවුන් නිළියන් කිහිප දෙනෙක් සමග ප්‍රසිද්ධ ඇඳුම් සන්නාම කිහිපයක් වෙනුවෙන් නිරූපණ ශිල්පියක් ලෙස ඉදිරිපත්වීම ඉන්දියානු මාධ්‍ය අතරේ ජනප්‍රිය සිදුවීමක් විය.

තවමත් 24 වැනි වියෙහි පසුවන සාරාට අර්ජුන් ටෙන්ඩුල්කාර් නමින් සොහොයුරෙක්ද සිටින අතර ඔහු ඉන්දියානු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ අතර පසුගිය අයි.පී.එල් තරඟාවලියටද සහභාගීවූහ.


0 Comments