බංගලි පිතිකරුවන් නවසිලන්තය දණ ගස්වති!

 


බංගලාදේශය සහ නවසීලන්තය අතර ICC ටෙස්ට් ශූරතාවය යටතේ පැවැත්වෙන ටෙස්ට් තරඟාවලියේ පළමු තරඟයේ තුන්වෙනි දිනය අවසන් වෙද්දී නවසීලන්තය භූමිය තුල සිය අණසක පැතිරවීමට බංගලාදේශ පිතිකරුවන් සමත්වූහ.

මුල් ඉනිමේ නවසීලන්තය ලබාගත් ලකුණු 328ට පිළිතුරු වශයෙන් තෙවන දිනය අවසානයේ කඩුලු 6කට ලකුණු 401 ලබා ප්‍රබල තත්වයක පසුවීමට බංගලාදේශයට හැකියාව ලැබී තිබේ. එහිදී විශිෂ්ට පිතිහරණයක නිරතවීමට බංගලාදේශ මුල් පළෙ සහ මැද පෙළ පිතිකරුවන් කිහිප දෙනෙක්ම සමත්කම් දැක්වීය.

එහිදී නායක මොමිනුල් හක් ලකුණු 88ක්, ලින්ටන් ඩාස් ලකුණු 86ක්, මහමදුල් හසන් ජෝයි ලකුණු 72ක් සහ නජිමුල් හුසේන් ෂැන්ටෝ ලකුණු 64ක් ලබාගනිමින් නවසීලන්ත පන්දු යවන්නන්ගේ ආධිපත්‍ය බිඳහෙලීමට සමත්වූහ.

පන්දු යැවීමේදී නවසීලන්තය වෙනුවෙන් ට්‍රෙන්ට් බෝල්ට් සහ නීල් වෝග්නර් කඩුලු 3 බැගින් ලබාගැනීමට සමත්විය. නවසීලන්තයට එරෙහිව බංගලාදේශ පිළ ටෙස්ට් ඉනිමකදි ලබාගෙන ඇති ඉහළම ලකුණු සංඛ්‍යාව වන්නේ කඩුලු 8කට ලකුණු 595ක් ලබාගැනීම වන අතර එම තරඟය වෙලින්ටන් හීදී 2017 පැවත්විණී.

නමුත් එකී තරඟය කඩුලු 7කින් ජයගැනීමට නවසීලන්තය සමත්විය.

0 Comments