ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයෝ අයර්ලන්තය පරදවයි!

 


19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ පෙර පුහුණු තරඟ මේ දිනවල පැවැත්වෙන අතර එහදී මුල්ම පුහුණුවීමේ තරඟයට ක්‍රීඩාකල ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම අයර්ලන්තය පරදා ලකුණු 128ක විශිෂ්ට ජයක් ලබා ගැනීමට සමත්විය.

අයර්ලන්ත නායක ටිම් ටෙක්ටර් කාසියේ වාසියේ ජයග්‍රහණය කරමින් මුලින් පන්දු යැවීම තෝරාගත් අතර ඉනිමක් පන්දුවාර 43කට සීමාවූ මේ තරඟයේ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් කඩුලු 7කට ලකුණු 233ක් රැස්කලහ. පිත්තෙන් දස්කම් දැක්වූ ශෙවොන් ඩැනියෙල් ලකුණු 75ක්, රන්දුනු සෝමරත්න ලකුණු 33ක් සහ පවන් පතිරාජ ලකුණු 25ක් ලබාගත්හ.

පන්දු යැවීමේදී නේදන් මැක්ගියර් ලකුණු 40කට කඩුලු 2ක් දවාගන්නට සමත්විය. පිළිතුරු ලෙස පිටියට පිවිසි අයර්ලන්ත පිතිකරුවෝ පන්දුවාර 31යි පන්දු 4කදී සියලුම දෙනා දැවී ලබාගත්තේ ලකුණු 105ක් පමණි.

අයර්ලන්ත කඩුලු රකින ක්‍රීඩක ජොෂුවා කොක්ස් හුදෙකලා ඉනිමක් ක්‍රීඩකාරමින් ලකුණු 44ක් ලබාගැනීමට සමත්විය. පන්දු යැවීමේදී ශ්‍රී ලංකාවෙ වෙනුවෙන් වනුජ සහන් ලකුණු 5කට කඩුලු 3ක් අතර රවීන් ද සිල්වා, මතීෂ පතිරණ සහ චමිඳු වික්‍රමසිංහ කඩුලු 2 බැගින් ලබාගැනීමට සමත්විය.

ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයන් මුහුණ දෙන දෙවැනි පුහුණු තරඟය උගන්ඩා යොවුන් කණ්ඩායමට එරෙහිව අද(12) රාත්‍රී 7.30ට පමණ පැවැත්වෙනු ඇත.

0 Comments