Header Ads Widget

Responsive Advertisement

ප්‍රවීණයන් මගහැරිය LPL ගැන මහේලගේ අප්‍රසාදය

 


2021 Lanka Premier League තරඟාවලිය සඳහා ක්‍රීඩකයන් තෝරාගැනීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් කිහිපදෙනෙක් සහ දක්ෂ යොවුන් ක්‍රීඩකයන් කිහිපදෙනෙක්ම මගහැරීම ගැන හිටපු නායක මහේල ජයවර්ධන අප්‍රසාදය පලකර තිබේ.

සිය twitter ගිණුමේ සටහනක් තබමින් ඔහු ප්‍රකාශ කර ඇත්තේ, ශ්‍රී ලංකා ක්‍රිකට් අඩියක් ඉදිරියට තබද්දි අඩි පහක් පසුපසට යාම අනුමතකළ නොහැකි බවයි. දේශීය තරඟ බිම යනු නියම ක්‍රීඩකයන් බිහිකිරීමේ පදනම නිසාවෙන් එවැනි මගහැරීම් සිදුවීම කණගාටුදායක සිදුවීමක් බවද හෙතෙම පවසා ඇත.

හිටපු නායකයන් වන ඇන්ජෙලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල් සහ කුසල් ජනිත් පෙරේරා වෙන් , වත්මන් උප නායක ධනංජය ද සිල්වා, අකිල ධනංජය, ප්‍රවීන් ජයවික්‍රම වැනි ක්‍රීඩකයන් 2021 LPL තරඟාවලිය සඳහා තෝරාගත් කණ්ඩායම් අතර නොවීම බොහොමයක් මාධ්‍ය මෙන්ම ක්‍රීඩා විශ්ලේෂකයන් ද විමතිය පළකල සිදුවීමක් විය.

පසුගිය වසරේ ඉතා සාර්ථකව පැවති LPL තරඟාවලිය මෙවර පැවැත්වීමට සූදානම් කර තිබුණේ ජූලි මාසයේ වුවද අන්තර්ජාතික තරඟ සටහනේ මෙන්ම කොරෝනා වසංගත තත්වයේද පැතිරීම හේතුවෙන් දෙසැම්බර් මාසය දක්වා කල් දැමීමට සිදුවිය.

මැතිව්ස්,ධනංජය සහ කුසල් වැනි ක්‍රීඩකයින් තෝරා නොගැනීම සම්බන්ධයෙන් විවිධ පාර්ශව අදහස් දක්වමින් ප්‍රකාශ කර ඇත්තේ ඔවුන් පන්දුවාර විස්සයි විස්ස පිටියේ දිගින් දිගටම අසාර්ථකවීම මෙසේ මගහැරීමට හේතුව බවය. එහෙත් ඩිල්ෂාන් මුණවීර, අසේල ගුණරත්න, සීක්කුගේ ප්‍රසන්න වැනි ක්‍රීඩකයන් LPL කණ්ඩායම්වලට එක්කරගැනීම ප්‍රශ්නාර්ථයක් වන්නේ ඔවුන්ද පසුගිය සමයේ දක්ෂතා අතර නොසිටීම හේතුවෙන් ය.


Post a Comment

0 Comments