Header Ads Widget

Responsive Advertisement

මොනවද මේ Menstrual cup කියන්නේ?


Menstrual Cup කියලා කියන්නේ නැවත භාවිතා කළ හැකි, කාන්තාවන්ගේ පහසුව වෙනුවෙන්ම නිපදවූ  සනීපාරක්ෂක නිෂ්පාදනයක්. එය රබර් හෝ සිලිකන් වලින් සාදන ලද කුඩා, නම්‍යශීලී පුනීල හැඩැති කප් එකක්. බොහෝ වෙලාවල් වලට එය රුධිරය උරා ගැනීම සඳහා බාවිතා කරන Pad හෝ Tampons වගේ රුධිරය උරා ගැනීමක් සිදුවන්නේ නැහැ. මෙමෙගින් සිදු කරනු ලබන්නේ රුධිරය එකතු කිරීමක්.

අන්න ඒ නිසාම තමයි මෙය නැවත පාවිච්චි කිරීමට හැකි මෙවලමක් වෙන්නේ. බොහෝ වෙලාවල් වලට සැනටරි පෑඩ් හෝ Tampons නිසා පරිසරයට සිදුවන හානිය වැඩියි, වගේම ඇතැම් අයට මෙම නිෂ්පාදන නිසා බොහෝ අයගේ යෝනි ප්‍රදේශය අවට කුඩා බිබිලි වැනි යම් යම් ඇලජි (අසාද්මිකතා) වගේම ඇතැම්විට යෝනිය අභ්‍යන්තර ආසාදන එහෙමත් ඇතිවන බව හැමෝම දන්න කාරණයක්.

කෙසේවෙතත් මෙම කප් එක පැය 12 ක් වැනි කාලයක් පැලඳගෙන සිටිය හැකියි බව පැවසෙනවා. අපි කළින් කිව්වා වගේ බොහෝ කාන්තාවන් පරිසර හිතකාමී විකල්පයක් ලෙස භාවිතා කිරීමට පෙළඹෙනවා. ඒ වගේම ඉවතදැමිය හැකි Cupද වෙලඳ පොළේ තිබෙනවා.

මෙම Cup එකක් පාවිච්චි කරන්නේ කොහොමද?

ඔබට ඕනෑම වෙළඳ නාමයකින් හෝ බොහෝ වෙළඳසැල් වලින් මිලදී ගත හැකි වුවද, ඔබට මුලින්ම ඔබට අවශ්‍ය ප්‍රමාණය සොයාගත යුතුය. මෙම කප් කුඩා හා විශාල වශයෙන් වෙන් කර තිබෙනවා. ඔබ මෙම කප් එකක් භාවිතා කිරීමට කැමත්තක් දක්වනවනම් පළමුව ඔබේ නාරිවේද වෛද්‍යවරයා සමඟ ඔබගේ අවශ්‍යතාවය පැහැදිලි කරන්න.

මොකද ඔබට සුදුසු කප් එකේ ප්‍රමාණය හඳුනා ගැනීමට, ඔබ සහ ඔබේ වෛද්‍යවරයාගේ සහාය ලබාගත යුතු වෙනවා.  එහිදී

*ඔයාගේ වයස

*ඔබේ ගැබ්ගෙලෙහි දිග

*ඔබට අධික රුධිරය වහනය වීමක් සිදුවනවාද නැද්ද යනවග

*කප් එකේ ස්ථීරභාවය සහ නම්‍යතාවය

කප් එකේ ධාරිතාව

ඔබේ යෝනි ප්‍රදේශයේ මාංශ පේශිවල ශක්තිය වැනි කාරණා සලකා බැලිය යුතු වනවා. කොයිදේ කරන්නත් කලින් අපි දැනුවත්වීම වැදගත්.

ඔබේ කප් එක දැමීමට පෙර

ඔබ පළමු වරට කප් එකක් භාවිතා කරන විට, එය අපහසුතාවයක් දැනිය හැකිය. නමුත් ඒය ඉතා පහසුවෙන් “ඇතුලත් කරගැනීම සඳහා එම” ක්‍රියාවලිය සුමට කර ගැනීම සඳහා යෝනි මාර්ගයේ තෙතමනය වර්ධනය කර ගැනීමට ජලය හෝ වෙනත් ලිහිසිකාරක තෙත් කර ගැනීමෙන් ඒය පහසුවෙන් සිදු කරගත හැකියි.

මෙම කප් පාවිච්චි කිරීමෙන් ඇතිවන වාසි.

සාමාන්‍යයෙන් වයස අවුරුදු 12දි වැඩිවියට පත්වෙන ගැහැණු දරුවෙක් වයස අවුරුදු 45 – 50 අතර කාලය තුළදී ආර්ථවහරණයට පත්වෙනවා. ඒ් කියන්නේ සාමාන්‍ය ජීව විද්‍යාත්මකව ගත්තොත් කාන්තාවක් යම් ඩිම්බ පුමාණයක් එකක් උපත ලබනවා. අර්ථවහරණයට පත්වීමෙන් පසු නැවනඅළුතින් ඩිම්බ නිපදවිමක් සිදුවන්නේ නැහැ.

වැඩිවියට පත් වන ගැහැණු දරුවකු මාසයක් පාසා ඩිම්බ මෝරලා පිටව යනවා. මාසයක් ගානේ මෙම ක්‍රියාව සිදුවනවා.

අපි ආපසු අපේ මාතෘකාවට ආවොත් අවුරුදු 48 දී ආර්ථවහරණය සිදුවුවහොත් බලන්න කොපමණ කාලයක් ඔබට සැනටරි නැප්කින්ස් පාවිච්චි කරන්න වෙනවාද කියලා.  අවුරුදු 36ක් කාලය පුරාවට මාස් පතා ඔබට සැනටරි පෑඩ්ස් මිලදී ගැනීමට සිදුවනවා.

ඔබ මෙම කප් වලට යොමු වුවහොත් ඔබට ජීවිත කාලය පුරාවටම ගැනීමට සිදුවන්නේ කප් 3 ක් හෝ වැනි ප්‍රමාණයක්. ඉතින් හිතන්න ඔබ නොදැනුවත්වම පරිසරයත් ආරක්ෂාකරන ගන්මන්ම ඔබට ලොකු මුදලක් ඉතිරිත් වෙනවා.

අපි එම කාරණා කිහිපය අවධාරණය කළොත් ඉතාම පහසු මිල.

පරිසර හිතකාමී බව. සනීපාරක්ෂක තුවා වගේ විනාශ කිරීමේ ගැටළු ඇතිවෙන්නෙ නැහැ වගේම පරිසර හානියක් වෙන්නෙත් නැහැ.

*ගමන් බිමන් යාමේදී රැගෙන යාමේ පහසුව.

*පැය 10 – 12 දක්වා එක දිගට භාවිතා කළ හැකිවීම.

*ඔසප් දිනවලදීද පිහිනීම, දිවීම වැනි ඕනෑම එදිනෙදා ක්‍රියාකාරකමක් සිදුකළ හැකිවීම.

*සනීපාරක්ෂක තුවා ඇඳ සිටීමේදී ඇතිවෙන කිසිඳු අපහසුතාවයක් නොදැනීම.

රාත්‍රී කාලයේ සනීපාරක්ෂක තුවා සහ යට ඇඳුම් ඇඳීමේ ගැටළු සහ රාත්‍රියට නිදන ඉරියව් අනුව රුධ්රය කාන්දුවීම සිදු නොවීම. (සුව නින්දක් ලබාගන්න පුළුවන් වෙනදා වගේම).

*අනවශ්‍ය දුගඳ වහනය නොමැතිවීම.

*පසු සේවා

නැවත භාවිතා කළ හැකි කප් ඔබේ යෝනි මාර්ගයට නැවත ඇතුල් කිරීමට පෙර සෝදා පිරිසිදු කළ යුතුය. ඔබේ කප් එක අවම වශයෙන් දිනකට දෙවරක්වත් හිස් කළ යුතුය. නැවත භාවිතා කළ හැකි කප් මාස 6 සිට අවුරුදු 10 දක්වා පාවිච්චි කළ හැකියි.

 

Post a Comment

0 Comments