Header Ads Widget

Responsive Advertisement

වැරදියට Bra ඇන්දොත් ලෙඩ ගොඩයි


Bra එක එහෙමත් නැත්නම් තනපටය කියන්නේ කාන්තාවන්ට තමන්ගේ සිරුරේ හැඩය සහ පියයරුවල හැඩය රැකගන්න වැදගත් වෙන යට ඇඳුමක්. ඒත් මේ තනපටය වැරදි විදිහට ඇන්ඳොත් ඇතිවෙන රෝග පීඩා තත්වයන් තියනවා කියලා ඔබ කවදාවත් අහලා තිබුණද.

ඩෙන්මාර්කයේ වෛද්‍යවරුන් කණ්ඩායමක් කරන ලද පරීක්ෂණයකදී ඔවුන් සොයාගෙන තිබෙනවා දිගින් දිගටම වැරදි ආකාරයට Bra අඳින කාන්තාවන්ට හිසරදය, කොන්දේ කැක්කුම්, උරහිසේ වේදනා, බෙල්ලේ වේදනා ඇතුලු සාමාන්‍ය මෙන්ම දරුණු රෝග ගණනාවක් ඇතිවෙනවා කියන එක.

සාමාන්‍යයෙන් Bra එකක් තෝරාගනිද්දි ශරීරයට අනවශ්‍ය විදිහට තද නැති සහ අනවශ්‍ය විදිහට ලිහිල් නැති එකක් තෝරාගෙන එය නිවැරදිව අඳින කාන්තාවන්ට මෙවැනි තත්වයක් ඇතිවෙන්නේ නෑ. කොහොමවුනත් මේ ලිපිය කියවන කාන්තා ඔබට වගේම, මේ ලිපිය කියවන පුරුෂ පාර්ශවයේ ඔබගේ බිරිඳ, පෙම්වතිය, සොයුරිය, මව ඕනෑම කෙනෙක්ට මේ පණිවිඩය ඉතාම වැදගත් වේවි.

වැරදි විදිහට තනපටය අඳිනවා කියන්නේ ඉතා තදින් ඇඳීම, අධික ලෙස දහඩිය ඇතිවෙන අමුද්‍රව්‍යවලින් සකස් කරපු Bra අඳින එක, අනවශ්‍ය විදිහට පියයුරු තදකරන හෝ ලිහිල් කරන ආකාරයේ තනපට ඇඳීමයි. මේ විදිහට වැරදි විදිහට තනපට අඳින එකෙන් පියයුරු සහ පිට මෙන්ම පපු පෙදෙස ආශ්‍රිත මාංශ පේශී තෙරපීම නිසා නහර සහ නිල ආශ්‍රිතව ඇතිවෙන පීඩනයන් නිසා ස්නායු මගින් බෙල්ලේ, උරහිසේ, කොන්දේ හෝ හිසේ කැක්කුම් ඇතිවෙන්න පුළුවන්.

දීර්ඝකාලීනව මේ වගේ වේදනාවන් පවතිද්දි ඒවා රුධිර සංසරණයට, ස්නායු ක්‍රියාකාරිත්වයට, ශරීරයේ සමබරතාවයට පමණක් නෙවෙයි හෝමෝන ක්‍රියාවලියටද බලපාන්න පුළුවන් කියලා වෛද්‍යවරු ප්‍රකාශ කරනවා. එහි ප්‍රතිඵලයක් විදිහට දීර්ඝකාලීන ස්නායු ආබාධ, පිට කොන්දේ ආබාධ, කුදුවීම්, බෙල්ලේ නහර ගැටගැසීම්, මොළයේ සෛලවලට බලපෑම් පවා වෙන්න පුළුවන්.

ඒ නිසා කාන්තා ඔබ තනපටයක් තෝරාගනිද්දි ඔබේ ශරීර ප්‍රමාණයට සහ පියයුරුවලට ප්‍රමාණයට විතරක් නෙවෙයි පියයුරුවල හැඩයටත් ගැලපෙන තනපට තෝරාගන්න. ඒ වගේම ඒ තනපටවල Cups ඇතුලේ තිබෙන පැඩින් කොටස්වලින් ඔබගේ පියයුරුවලට හෝ තනපුඩුවලට අනවශ්‍ය පීඩනයක් ඇති නොවිය යුතුයි. Bra පටි ඔබේ උරහිසට හෝ පිටට තද නොවිය යුතුයි. එසේම කපු හෝ ඒ හා සමාන අමුද්‍රව්‍ය වලින් නිමවා තිබෙන තනපට ඔබේ සමටත් වඩාත් සුදුසුයි.

තනපටයක් නිසා මේ වගේ ලෙඩ හදානොගන්න නම් ඔබට මේ වැරදි සහ නිවැරදිව අඳින ආකාරය ගැන හොඳින් සැලකිලිමත්වෙන්න වෙනවා. මේ ලිපිය ඔබට වැදගත් කියලා හිතෙනවනම් ඔබේ මිතුරියන් එක්ක වගේම මේ තොරතුරු අවශ්‍යවේවි යැයි හිතෙන ඕනම කෙනෙක් එක්ක බෙදාගන්නත් අමතක කරන්න එපා.

Post a Comment

0 Comments