Header Ads Widget

Responsive Advertisement

උදේම නැගිටලා වතුර වීදුරුවක් බොන්න..ඇඟ වගේම හිතත් ලස්සන වෙන්න


ලෝකේ හොඳම බීම වර්ගය මොකක්ද කියලා කව්රුහරි ප්‍රශ්නයක් ඇහුවොත් තමන් කැමති කලරින් දාපු සිසිල් බීම වර්ගයේ නම හරි නැත්නම් ඇඟට පණ එන්න කියලා තියන පණත් නැති කරගන්න බාර් එකෙන් ගන්න සැර බීම වර්ගේ නමවත් කියන්න කලින් ටිකක් සිහිබුද්ධියෙන් මතක් කරගන්න ලෝකේ තියන හොඳම බීම වර්ගය වෙන්නේ පිරිසිදු “ජලය“ කියන එක.

ජලයේ ස්වාභාවික අණු සැකස්ම අනුවම තේරුම් ගන්න පුළුවන් ශරීරයට අහිතකර නැති ඔක්සිජන් සහ හයිඩ්‍රජන් සංයෝගයක් නිසාවෙන් ඇඟට හොඳක් මිස නරකක් වෙන්නේ නෑ කියලා. සාමාන්‍යයෙන් පුද්ගලයෙක්ගේ ස්ත්‍රී පුරුෂභාවය අනුව, ශරීර ස්කන්ධය අනුව දවසකට පානය කල යුතු ජල පරිමාව වෙනස් වෙනවා. අවම වශයෙන් ඕනෑම පුද්ගලයෙක් දිනකට ජලය ලීටර 4ක් වත් පාලනය කල යුතුයි කියලා තමයි වෛද්‍යවරුන්ගේ පොදු මතය.

ජලය අඩුවෙන් පානය කරන පුද්ගලයින්ට බොහොමයක් රෝග පීඩාවන්ට මුහුණ දෙන්න වෙනවා.ඇඟ වියලීමේ සිට මුත්‍රාශයේ ගල් ඇතිවීම,වකුගඩු රෝග දක්වාම එය බරපතල වෙන්න පුළුවන්. ඒක නිසා නිතර වතුර බොන අයට මේ ප්‍රශ්නවලට මුහුණ දෙන්න වෙන්නේ බොහොම අඩුවෙන්.

ඒ වගේම තමයි උදේ පාන්දර නැගිටපු ගමන් කට සෝදලා පිරිසිදු වීදුරුවකට වතුර එකක් පුරවලා ඒ පිරිසිදු වතුර දිහා බලාගෙන ඉඳලා වීදුරුව ඉවර වෙනකල්ම බොන්න පුළුවන්නම් ඒක හිත වගේම ඇඟත් හොඳට හැදෙන පුරුද්දක්. 

උදේම ජලය පානය කිරීමෙන් ශරීරයට අවශ්‍ය ජලයෙන් ලැබෙන පෝෂණය වගේම ආහාර මර්ග ගත අපද්‍රව්‍ය රාත්‍රී කාලය පුරාම ඝනීභවයනය වෙලා තිබෙන තැන්වලින් ඉවත්වෙනවා. ඒ වගේම උදෑසනම බහිස්‍රාවීය පද්ධතිය නැවුම් ලෙස ක්‍රියාත්මකවීම ආරම්භ වෙනවා. එතකොට උදේම මුත්‍රාකලාට පසුව ඇඟට අවශ්‍ය ජලය ඒ වනවිටත් ලැබිලා තිබෙන නිසා ශරීරය අකර්මන්‍ය වෙන්න හේතුවකුත් නෑ.

මේ කියන ආකාරයට ශරීරය නැවුම්ව පවත්වාගෙන යද්දි ඕනෑම කෙනෙක් ලස්සනට ඉන්නවා කියන එක අරුම පුදුම දෙයක් නෙවෙයි.

Post a Comment

0 Comments