Header Ads Widget

Responsive Advertisement

වැනීස් චිත්‍රපට උළෙල රනින් හැඬකල 'නීතිවිරෝධී ගබ්සාව'

 


1960 සමයේ ප්‍රංශයේ පැවති සාම්ප්‍රදායික වටපිටාව සහ ගබ්සාවට පැවති දැඩි තහනම හේතුවෙන් නීතිවිරෝධී ගබ්සාවක් සිදුකරගන්නා තරුණියක් වටා ගෙතෙන ඉතාම සංවේදී චිත්‍රපටයක් වන L’Evenement 2021 වැනීස් චිත්‍රපට උළෙලේ රන් සම්මානය දිනා ගැනීමට සමත්විය.

ප්‍රංශ ජාතික චිත්‍රපට අධ්‍යක්ෂිකාවක් වන Audrey Diwan මෙම චිත්‍රපටය අධ්‍යයන කළ අතර මෙය ඇයගේ දෙවැනි චිත්‍රපටයයි. මෙවර වැනීස් සම්මාන උළෙලේ බොහොමයක් සම්මාන දිනාගනු ලැබූවේ කාන්තාවන්වීමද විශේෂ සිදුවීමකි.

උසස් අධ්‍යාපනයේ නිරතවී සිටින යොවුන් තරුණියක් අනපේක්ෂිත ගැබ්ගැනීම ගබ්සාවකින් කෙළවර කරගැනීමට මාර්ගයක් සොයන්නේ ගබ්සාව නීතිවිරෝධී ලෙස නීතිගතකර මරණය හෝ ජීවිතාන්තය දක්වා සිරදඬුවම් හිමිවන වටපිටාවකය. ඉතාම තියුණු අයුරින් ගබ්සාව නීතිවිරෝධී සමාජ සංස්ථාවක්තුල කාන්තාවන්ගේ ඉරණම විවරණය කරන LÉvenment චිත්‍රපටය ඉදිරියෙදී ලොවපුරා ප්‍රේක්ෂකයන්ට ඉදිරිපත් කිරීමට නියමිතය.




Post a Comment

0 Comments