Header Ads Widget

Responsive Advertisement

සිරි යහනේ - නෑ සහනේ (පලමු කොටස)


ඔන්න ඉතින් කාලෙකට පස්සේ අද ඉඳන් කතා කරන්න යන්නේ බොහොම වැදගත් මාතෘකාවක්. සිරි යහනේ නෑ සහනේ කියන මාතෘකාව දැක්ක ගමන් තේරෙනවා මේක මේ පවුල් ජීවිතේ හෝ ආදර සම්බන්ධතාවක් ඇතුළේ තිබෙන ලිංගික සම්බන්ධතාවේ අසාර්ථකභාවය ගැන තමයි කියලා.

අපි ලොකුවට නොදන්නවා වුනාට, නොහිතුවට ලංකාවේ විතරක් නෙවෙයි ලෝකේ බොහාමයක් විවාහ, ආදර සම්බන්ධතා කැඩිලා බිඳිලා යන්න මේ ලිංගික සම්බන්ධතාවේ අසාර්ථකභාවය ලොකු බලපෑමක් කරනවා. ලිංගික අධ්‍යාපනය හරිහමන් විදිහට නැති ලංකාවේ මේක අද වෙනකොට බරපතල ප්‍රශ්නයක් වෙලා. ආදරය කරලා හරි යෝජනාවක් මත හරි විවාහ දිවියට ඇතුල්වෙන බොහොමයක් ජෝඩු ලිංගික කටයුතුවලදි ඇතිවෙන ප්‍රශ්න නිසා මුළු විවාහ ජීවිතේම විනාස කරගන්න අවස්ථා අද වැඩියි.‍ෙ

මේකට බලපාන හේතු ගණනාවක් තිබෙනවා. ලිංගිකත්වය පිළිබඳ දැනුම, ලිංගිකත්වය ගැන ඇති ආකල්ප, එකිනෙකාගේ අවශ්‍යතාවන්, සංවේදී තැන් ගැන ඇති අවබෝධය, විවිධ රෝගාබාධ, විවිධ පුරුදු සහ බාහිර බලපෑම් වගේ දේවල්. මේ හේතු ගණනාවම ගැන පියවරෙන් පියවර කතා කරන්න බලාපොරොත්තු වෙනවා.

මුලින්ම අපි කතා කරමු ලිංගිකත්වය පිළිබඳ දැනුම නැතිකම නිසා ලිංගික සම්බන්ධතා අර්බුදවලට මුහුණදෙන්න වෙන්නේ කොහොමද කියලා. 

කව්රුහරි ලඟින් වාඩි වුණාම ගෑණු ළමයින්ට බබාලා  හම්බවෙනවා කියලා හිතන රටක අපි ජීවත්වෙන්නේ කියලා කිව්වොත් පුදුම වෙන්න එපා. මේක ලිංගික අධ්‍යාපනය නොමැතිකමේ බරපතල පලවිපාකයක්. ලිංගික අධ්‍යාපනය විෂය පද්ධතියට ඇතුල්කලත් ගුරුවරු ඒවා කියලා දෙන්න ලැජ්ජ නිසා දරුවෝ ඉගනගන්න දෙයක් නෑ. 

දෙමව්පියන් පවා හරියට දරුවන්ට මේවා කියලා නොදෙන නිසා තරුණ කාලෙදි යාළු මිත්‍රයන්ගෙන්, මාධ්‍යවලින් සහ අන්තර්ජාලයෙන් තමයි දරුවෝ යමක් ඉගනගන්න උත්සහකරන්නේ. ඒත් විධිමත් නොවන මාර්ගවලින් ඉගනගන්න නිසා ඔවුන්ට පූර්ණ ලිංගිකත්වය පිළිබඳ දැනුමක් ලැබෙන්නේ නෑ. මේකේ ප්‍රතිඵලයක් විදිහට විවාහ ජීවිතයේදී ලොකු ලිංගිකමය හැල හැප්පීම් සිදුවෙනවා.

බොහෝවිට කාන්තාවන් තමන්ගේ ස්වාමිපුරුෂයා එක්ක නිරන්තර ලිංගික කටයුතු වලට එකතු වෙන්නේ නෑ. පිරිමියාට බොහෝවිට ලිංගික සතුට නිතර අවශ්‍යවුනත් කාන්තාව ගැබ්ගැනීම් ගැනීම් පිළිබඳ බියෙන් නිතර ලිංගිකව එකතුවෙන්න පෙළඹෙන්නේ නෑ. ඒත් විවිධාකාර උපත්පාලන ක්‍රම  ගණනාවක් තිබෙන බවත්, ඒවායෙන් අතුරු ආබාධ සිදුවීමක් නැති බවත් (උපත් පාලන කොපු වැනි) බොහෝ පිරිසක් දන්නේ නෑ. ඒ නිසා විවාහ ජීවිතයට ලිංගික තෘප්තිය කියන දේ අඩුවෙන් ලැබීම තුළ විවාහ දෙදරා යාමේ ඉඩකඩ වැඩියි.

ඒ වගේම තමයි පුරුෂයන් බොහොමයක් දන්නේ නෑ කාන්තාව ලිංගිකව සක්‍රීය අවස්ථා සහ ඔවුන්ගේ සතුට උපරිමය දක්වා ගෙනයන ආකාරය. ඒ තුළින් වෙන්නෙත් කාන්තාව අතෘප්තිමත්වීම නිසා විවාහ දිවියට අහිතකර බලපෑමක් එල්ල වෙන එකයි. 

ඒ නිසා ලිංගිකත්වය පිළිිබඳ දැනුම කියන දේ සිරි යහන සුර යහනක් කරගන්න ඉතාම වැදගත් කියලා අමතක කරන්න එපා. ඊළඟ ලිපියෙන් අපි කතාකරමු ලිංගිකත්වය ගැන දෙදෙනා තුළ ඇති ආකල්ප විවාහ දිවිය දෙදරන්න හේතුවෙන හැටි.  



Post a Comment

0 Comments