Header Ads Widget

Responsive Advertisement

සිරියහනේ නෑ සහනේ | 02 කොටස


කාලෙකට පස්සේ කොහොමද ඉතින් සැප සනීප. මතකනම් මීට කලින් සිරියහනේ නෑ සහනේ ලිපි පෙලේ මුල්ම ලිපියෙන් අපි කතාකලේ විවාහයක්,ආදර සබඳතාවයක් ඇතුලේ ලිංගිකත්වය පදනම් කරගෙන ඇතිවෙන ගැටළු සම්බන්ධවයි.

ඒක කියවන්න බැරිවුන කෙනෙක් එහෙම ඉන්නවනම් මෙතනින් කියවන්න පුළුවන් ඒ ලිපිය. ඒකත් කියවලම මේ ලිපිය කියවනවනම් වඩාත් හොඳ වේවි.

අද අපි කතාකරන්නේ “ලිංගිකත්වය පිළිබඳව ඇති ආකල්ප“ නිසා සබඳතා බිඳී යන අවස්ථා ගැනයි. මෙතනදි අපි මුලින්ම කතා කරන්න ඕන මේ ආකල්ප(Attitudes) කියන දේ ගැන. ආකල්ප කියන්නේ බොහෝ වෙලාවට කිසියම් වූ දෙයක් සම්බන්ධව යම් පුද්ගලයෙක්ගේ හිතේ ඇඳී තිබෙන චිත්‍රය එහෙමත් නැතිනම් අදහස කියලා සරලව නිර්වචනය කරන්න පුළුවන්. මේ ආකල්ප කියන දේ පුද්ලයින්ගේ ජීවතවලට වගේම පුද්ගලයන්ගේ හැසිරීම්වලට,සංවර්ධනයට දැඩි බලපෑමක් කරනවා.

ලිංගිකත්වය පිළිබඳ ආකල්ප කියලා හඳුන්වන්නේ එක් එක් පුද්ගලයා ලිංගිකත්වය දකින ආකාරයයි. සමහර කෙල්ලෝ හිතනවා ලිංගිකත්වය කියන්නේ ලොකු වරදක්,නැතිනම් ලොකු පවක් කියලා. එහෙම ආකල්පයක් ඇතිකරගන්න විවිධ වූ හේතු බලපානවා, එතකොට අපි කලින් කියපු ලිංගික අධ්‍යාපනයත් ඒකට බලපානවා. එතකොට අනිත් පැත්තෙන් ගමු තවත් කොල්ලෙක් ඉන්නවා ලිංගිකත්වය ගැන බොහොම උනන්දුවක් තිබෙන සහ ලිංගික ක්‍රියාකාරකම් කියන්නේ සාමාන්‍යයෙන් බැඳීමකදි ඉතා වැදගත් දෙයක් විදිහට දකින කෙනෙක්. අර කලින් කියපු කෙල්ල සහ පස්සේ කියපු කොල්ලා අතර සම්බන්ධයක් ඇති වුනොත් ඒ සම්බන්ධෙ සාර්ථක සම්බන්ධයක් වෙන්න තිබෙන්නේ බොහොම අඩු ඉඩකඩක්. මොකද දෙන්නා ලිංගිකත්වය සම්බන්ධයෙන් දෙවිදියකට හිතන නිසා ඒ සම්බන්ධයෙන් විවිධ විෂමතා නිසා ඇතිවෙන ගැටළු නිසා සබඳතාව බිඳ වැටෙන්න පුළුවන්.

ඒත් එහෙම ලිංගිකත්වය සම්බන්ධයෙන් දෙවිදියකට හිතන සහ දෙවිදියකට ක්‍රියාකරන දෙන්නෙක්ට විවෘතව කතාබහ කරලා හෝ මනෝවෛද්‍යවරයෙක්ගෙන් උපදෙස් අරගෙන ඒ අඩුපාඩු හදාගන්න අවස්ථාවක් නැත්තෙම නෑ. ඒත් වඩා හොඳම දේ තමයි ලිංගිකත්වය කියන්නේ ජීවිතයට අවශ්‍ය දෙයක් කියන දේ තේරුම්ගෙන වෙනස් වෙන එකයි.

ලිංගිකත්වය හෝ ලිංගික ක්‍රියාකාරකම්වල යෙදීම කොහෙත්ම පවක් හෝ වරදක් වෙන්නේ නෑ. තමන්ගේ සහකාරිය හෝ සහකාරිය එක්ක ලිංගික සබඳකමක් පවත්වන එක පුද්ගලික දෙයක්, ඒක අනවශ්‍ය විදිහට ප්‍රසිද්ධ කිරීම,බලහත්කාරයෙන් සිදුකිරීම නොකර ඉන්නවනම් ඉතා හොදයි. ලිංගිකත්වය සම්බන්ධයෙන් හොඳ ආකල්ප ඇති සබඳතාව ඉතා සතුටින් පැවතෙනවා කියන එක මතක තියාගන්න ඕන. 



Post a Comment

0 Comments