Header Ads Widget

Responsive Advertisement

මුල්ම ඔලිම්පික් රන් පදක්කම දිනේෂ්ට


ජපානයේ ටෝකියෝ නුවර පැවැත්වෙන 2020 පැරාලිම්පික් තරඟාවලියේ හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් නව ලෝක වාර්තාවක් තියන්න ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මේ තරඟාවලියට සහභාගීවෙන දිනේෂ් ප්‍රියන්ත අද සමත්වුණා.

මේ ඉසව්වේ පැවති ලෝක වාර්තාව බිඳදමමින් නව ලෝක වාර්තාව විදිහට මීටර් 67.79 ක් තමන්ගේ නම ඉදිරියේ සටහන් කරන්න දිනේෂ්ට හැකියාව ලැබෙන්නේ ඉන්දියානු ක්‍රීඩකයන් දෙදෙනෙක් දෙවැනි සහ තුන්වැනි ස්ථානයට පත්කරමින්.

ඒ අනුව මේ තරඟ ඉසව්වෙන් පැරාඔලිම්පික් රන් පදක්කම දිනාගන්නට දිනේෂ් හේරත්ට හැකියාව ලැබෙන්නේ ශ්‍රී ලංකාවේ නාමය මෙවර ටෝකියෝ අහස්තලය මත සනිටුහන් කරමින්. දිනේෂ් මෙම ලෝක වාර්තාව සටහන් කරන්නේ තමන්ගේ තුන් වැනි ප්‍රයත්නයේදී යි.

1986 දී අනුරාධපුර කාගමදී උපන් හේරත් මුදියන්සේලාගේ දිනේෂ් ප්‍රියන්ත ශ්‍රී ලංකා යුද හමුදාව නියෝජනය කරන ක්‍රීඩකයෙක්. ඔහු 2016 රියෝ පැරාලිම්පික් තරඟාවලියේදී මේ ඉසව්වෙන් ලෝකඩ පදක්කම ජයග්‍රහණය කලා වගේම 2018 ආසියාතික පැරා ක්‍රීඩා උළෙලේදී හෙල්ල විසිකිරීම ඉසව්වෙන් රන් පදක්කම ජයගන්නට සමත්වුණා.

Post a Comment

0 Comments