Header Ads Widget

Responsive Advertisement

ජපානය ඔහුට සැළකුවේය – Olympic Diaries


ලෝකයේ විශාලතම සහ විශිෂ්ටතම ක්‍රීඩා සැණකෙලිය ලෙස සැලකෙන 2020 ඔලිම්පික් ක‍්‍රීඩා උළෙල මෙවර පැවැත්වෙන්නේ ජපානයේ ටෝකියෝ නුවරය. 2021 ජූලි 23 වැනිදායින් ආරම්භවන ක‍්‍රීඩා උළෙල අගෝස්තු 8 වැනිදායින් අවසන් වීමට නියමිත අතර ඒ රටවල් 204 ක මලල හා පිටිය ක‍්‍රීඩකයින් 11,000 කට අධික පිරිසකගේ සහභාගීත්වයෙනි.

මෙවර ඔලිම්පික් ක‍්‍රීඩා උළෙල සම්බන්ධයෙන් කතා කිරීමට ප‍්‍රථම ඔලිම්පික් ඉතිහාසය පිළිබඳව සහ එහි ඇති රසමුසු මෙන්ම දුක්මුසු කතාන්තර විමසා බැලීම ඉතා රසවත් වනු ඇත.

ඒ සියල්ලටම ප්‍රථම රණතුංග කරුණාන්ද නම් අසහාය ක‍්‍රීඩකයා පිළිබඳ යමක් සටහන් කර තැබීමට කැමැත්තෙමු. ඒ ඔහුට කෘතගුණ දැක්වීමක් වශයෙනි.

වසර 1964 දී ජපානයේ පැවති ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලෙදී කරූ ගැන ඔලිම්පික් ඉතිහාසයේ රන් අකුරින් ලියැවිණි.  ඒ එදා මෙදා තුර ඔලිම්පික් ඉතිහාසයේ බිහි වූ විශිෂ්ටතම පරාජිතයා ලෙසින්ය.

ටෝකියෝ නුවර 18 වැනි ඔලිම්පික් උළෙලේ මීට්ර් 10000 ඉසව්ව සඳහා සියල්ල සූදානම් ය.

මද සෙම්ප්‍රතිශ්‍යා ගතියකින් පෙළුනද කරුණානන්ද පිටියට පැමිණියේ තම ඉසව්ව වූ  මීටර් 10000 තරගය කෙසේ හෝ ජයග‍්‍රහණය කිරීමේ අරමුණෙන්ය. ක්‍රීඩා බලධාරීන්ගේ නිගමනය වූයේ කරුණානන්දට ඉසව්ව සඳහා සහභාගි නොවන ලෙසයි. මම ආවේ දුවන්න මිසක් හැරිලා යන්න නෙමෙයිකරුණාන්දගේ තීරණය ඊට ඉහළින් ක්‍රියාත්මක විය.

තරගයට සියල්ල සූදානම්ය. කරුණානන්ද තරග පිටියට අවතීර්ණ විය. තරගය ආරම්භ කිරීම සඳහා වූ විධානය නිකුත්විය.  තරගකරුවෝ  ක‍්‍රමයෙන් ඉදිරියට ඇදෙති. වට දෙක  තුනකදී සෙසු ක‍්‍රීඩකයින් ඉදිරියෙනි. කරුණානන්ද පිටුපසිනි.  පළමු වට 10 පමණ වන විට කරුණානන්ද වටයකින් පසුබා තිබිණි. විසිවෙනි වටය අරඹන විට කරුණානන්ද අන්තිමයා ය.

ඒ වනවිටත් ඇමරිකානු ක‍්‍රීඩක 'බිලී මිල්ස්' තම ජයග‍්‍රහණය සනිටුහන් කොට අවසානය. ප‍්‍රථම දෙවන හා තෙවන තරඟකරුවන් තරඟය නිමා කළ පසු  සෙසු බොහෝ ක‍්‍රීඩකයෝ තරඟයෙන්  ඉවත් වූහ. එහෙත් කරුණානන්ද දිගින් දිගටම ධාවනයේය. කරුණානන්දට තවත් වට හතරක් ඉතිරිව තිබේ. තරග සංවිධායකයෝ ඊළඟ තරඟයට සූදානම් වීමට මග බලා සිටිති. තරඟ නරඹන්නන්ගෙන් පිරිසකට මෙය විකාරයක් විය. තවත් පිරිසක් පුදුමයෙන් මෙන් බලා සිටියේය.

හැට දාහක් පමණ වූ ප්‍රේක්ෂකයන්ගේ හූ හඬ දෝංකාර දුන්නේය. හූ හ ඔහුට වගක්වත් නැත. සමච්චල් ගැරහුම් උසුළු විසුළු මැද කරුණානන්ද තවමත් තරගය අවසන් කිරීම සඳහා සටනේය. එක් වටයක් නිමාවිය දෙවැනි වටය අවසානයේදී නරඹන්නන් නිහඬ විය.

තෙවැනි වටය අවසන් වීමත් සමඟ කලින් හූ හඬ නැංවූ ප්‍රේක්ෂකාගාරය කරුණානන්ද වෙනුවෙන් අත්පොලසන් ලැබූවේය. ප‍්‍රීතිඝෝෂා නැගුවේය. කරුණානන්ද තම අවසන් මීටර් 400 ඉතාම වේගයෙන් දිව ගියේ තමන් තුළ ඇති ශක්තිය මෙන්ම සිතෙහි වූ ශක්තියද එක ලෙසම ඇති බව ලොවට පෙන්වීමට පමණක් නොවේ. ක‍්‍රීඩාව යනු කුමක්ද යන්න ලොවට කියා දීමටය. කරුණානන්ද තරගය අවසන් කරන විට 60000 පමණ වූ නරඹන්නන් තම අසුන් වලින් නැගිට ආචාර කළහ. තනිවම වට හතරක් ධාවනයේ යෙදී තරගය නිමා කල ඔහු වෙනුවෙන් බොහෝ නරඹන්නන් ගේ දෙනෙත් කඳුළින් තෙත් විය. මුළු ක‍්‍රීඩාංගනයම එකම හඬකින් ගිගුම් දුන්නේය.

‘කමෝන් සිලෝන් කමෝන් සිලෝන්’ යනුවෙනි

කරුණානන්ද ඉතිහාසගත වන්නේ එම අවසන් වට හතරෙනි. ඔලිම්පික් ඉතිහාසයේ විශිෂ්ටතම පරාජිතයා ලෙස නම් දරන්නට සුදුසුකම් සපුරමින් ඔහු තම ඉසව්ව අවසන් කළේය. මතකයේ හැටියට 80 දශකයේ දී නම් කළ ලෝක ඉතිහාසයේ බිහි වූ විශිෂ්ටතම ක‍්‍රීඩකයන් දසදෙනා අතරටත් කරුණානන්ද නම් කෙරිණි.

ජපානයේ පැවති ඔලිම්පික් ක‍්‍රීඩා උළළෙලේ මීටර්  දහදාහක් ධාවන තරගය  ජයග‍්‍රහණය කළ බිලී මීල්ස් පවසා තිබුණේ මෙම තරගයේ රන් පදක්කම්ට නියම සුදුස්සා  කරුණානන්ද බවයි. ඔහුගේ ක‍්‍රීඩාව අගය කළ ජපන් රජය ඔහුට රැකියාවක් ප‍්‍රදානය කළ ද ජපානය බලා පිටත් වීමට දින කිහිපයකටකට පෙර ඔහු අපි අභිරහස් ලෙස මරණයට පත්වී තිබිණි.

ඔහුගේ මියයාම සම්බන්ධයෙන් විවිධ මත පළ වූ අතර ඔහුව ගහ ඝාතනය කළ බවට එක්    මතයකුත් ඔහු හදිසි අනතුරකින්කින් මිය ගිය බවට තවත් මතයකුත් පළ විය. පසුව කරුණා කරුණානන්ද ගේ අකල් වියෝව දරාගත නොහැකිවව ඔහුගේ බිරිඳගේ සිහි විකල් විය.  පසුකාලීනව ඔහුගේ පවුල අන්ත අසරණ වී පාරට වැටෙන තත්ත්වයටට පත්විය. ලංකාවේදී කරුණානන්දට ලැබුණු  තෑග්ග  වූයේ මරණය නමුත් අදත් මිනිස් අධිෂ්ඨානයේ මහිමය පිළිබඳ පාසල් දරුවන්ට ඉගැන්වීම් සඳහා ඔහුගේ කතාව ජපානයේ පාසල් පෙළපොත් වලට පවා ඇතුළත් විය.

ශ‍්‍රී ලාංකේය ක‍්‍රීඩා ඉතිහාසය තුළ ඒ ශ්‍රේෂ්ඨ ක‍්‍රීඩකයා හරිහමන් සහනක් නොමැතිවීම ඉතා කණගාටුවට කරුණකි. කරුණානන්දට අත්වූයේ එවැනි ඉරණමකි.

ජාත්‍යන්තරතර වශයෙන් ක‍්‍රීඩකයන් සුරැකීමට විවිධ වූ සංගම් බිහිවන සමයක ශ‍්‍රී ලාංකේය ක‍්‍රීඩකයන් වර්තමානයේ ලංකේය මළල ක‍්‍රීඩකයා මුහුණ පා සිටින තත්ත්වයද කරුණාන්දගේ ඛේදවාචකයට නොදෙවෙනි නැත.

එක් පසෙකින් රටක් ලෙස අපි ඔලිම්පික් තරඟාවලිය සඳහා පිටත්ව යන කණ්ඩායම කවුද කියා හෝ නොදන්නා තැනට අපගේ මාධ්‍ය සහ ක්‍රීඩා සන්නිවේදකයන් නිහඬය. අනෙක් පැත්තෙන් ඉතා ධෛර්ය සම්පන්නව ලොව විශිෂ්ටතම ක්‍රීඩා සැණකෙළියට වරම් දිනාගත් අතලොස්සක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් අත් ඔසවා ‘ජයවේවා!’ කියන්නට ප්‍රේක්ෂකයන් පිරිසක් අපට නැතිවී ඇත. ක්‍රීඩාවේදී ලබන පරාජයන්ටත් වඩා දරුණුම පරාජය අන්න එකී පරාජයන් ය.

අප අසල්වැසි රට වන ඉන්දියාව ‘ජයේ හින්ද්’ යනුවෙන් සුබ පතමින් තම රටෙන් ඔලිම්පික් වරම් දිනාගත් දහස් ගණනක් ක්‍රීඩක ක්‍රීඩිකාවන් Team India ලෙස නම්කර එක රටක් එක පැතුමක් ලෙසින් දිරිගන්වමින් ඔවුන් ශක්තිමත් කරද්දී අපේ රටේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට කොඩියක් ඔසවන්නට හෝ කෙනෙක් ඇත්දැයි සැක සහිතය. ක්‍රීඩකයන්ටත් වඩා වැඩි නිලධාරී මණ්ඩලයක් අලියාගේ වලිගයේ එල්ලී දිවිය ලෝකය බලා යන්නට සූදානම් ඇති වටපිටාවක ආයේ කරුණානන්දලා වැනි ක්‍රීඩකයින් සොයාගැනීම අපේ රටට ලෙහෙසි පහසු නොවනු ඇත.

 

 

Post a Comment

0 Comments