Header Ads Widget

Responsive Advertisement

මහේල ශ්‍රී ලංකා පිලේ පුහුණු උපදේශක ධූරයට

 


ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මෙන්ම වර්තමානයේ මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරන මහේල ජයවර්ධන එළඹෙන ඔක්තොම්බර් මස සිට ශ්‍රී ලංකා 19න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු උපදේශකවරයෙක් ලෙස කටයුතු කිරීමට සූදානම් බව වාර්තා වේ.

මහේල එසේ 19න් පහළ කණ්ඩායම සඳහා උපදේශකත්වය සපයන්නේ එළඹෙන වසරේ පැවැත්වෙන 19න් පහළ ලෝක කුසලාන තරඟාවලිය ඉලක්ක කරගෙන බව ශ්‍රී ලංක ක්‍රිකට් ආයතනයේ තාක්ෂණික කමිටු සභාපති අරවින්ද ද සිල්වා ප්‍රකාශ කර තිබේ.

ඉන්දියානු ප්‍රිමියර් ලීග් තරඟාවලිය අවසන්වීමෙන් පසු මහේල ශ්‍රී ලංකා 19න් පහළ සංචිතය සමග පුහුණු සැසි සඳහා එක්වීමට නියමිත වන අතර විශේෂිත කරුණ වන්නේ මහේල මෙම තනතුර බාරගෙන ඇත්තේ ස්වේච්ඡා සේවාවක් ලෙසින් වන බැවින් ඒ සඳහා කිසිඳු වැටුපක් අවශ්‍ය නොවන බව සඳහන් කරමින් ය.

19න් පහළ යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය එළඹෙන 2022 වසරේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි නුවරදී පැවැත්වීමට නියමිත වේ.

Post a Comment

0 Comments