Header Ads Widget

Responsive Advertisement

ලඟ එන රස්නේ කාලෙට Skin Care Tips



මේ දවස්වල නිරත දිග මෝසම් නිසා වැස්ස තදින් වැටුණත් ජුනි මාසේ ඉඳන් පටන්ගන්නේ ගිම්හාන කාලය හෙවත් ග්‍රීෂ්ම සෘතුව කියලා ඔබ දන්නවා ඇති. ජුනි මාසේ මැද ඉඳන් සැප්තැම්බර් මාසයේ අග දක්වා ගිම්හාන කාලය පවතිනවා. මේ සෘතුව කියන්නේ හිරු එළිය ලංකාව වගේ සමකාසන්න රටවල්වලට ඉතාම තදින් වැටෙන කාලයක්.

මේ තද හිරුරැස් නිසා දවසේ බොහෝ වෙලාවක් පවතින්නේ උණුසුම් කාළගුණික තත්ත්වයක්. ඒ වගේම එළිමහනේ කාලය ගතකරද්දි ඉක්මණින්ම විජලනය (Dehydrate) වැනි තත්ත්වයන් ඇතිවෙන්න තියන ඉඩකඩ වැඩියි. මේ නිසාම සමට වෙන බලපෑමත් බොහොම වැඩියි. මොකද ඉක්මණින්ම සම වියලෙන නිසා සම ආශ්‍රිත රෝගී තත්ත්වයන් පවා ඇතිවෙන්න පුළුවන්.

තවත් දෙයක් තමයි ඕසෝන් ස්ථරයට සිදුවී තිබෙන හානිකර තත්ත්වයන් නිසා අහිතකර හිරු කිරණ ශරීරයට වැටීමට තියන අවදානමත් ඉතා ඉහළයි. ඒ නිසා සම ලස්සනට සහ පැහැපත්ව තියාගන්න කැමති ඕනම කෙනෙක්ට summer season එක කියන්නේ එච්චර කැමති කාලයක් නෙවෙයි. ඒ නිසාම මෙන්න මේ Tips මතක තියාගත්තොත් ඔබේ සමට ඇතිවෙන අහිතකරතාවලින් ආරක්ෂා වෙන්න පුළුවන්.

නිතරම ජලය පානය කරන්න

මේ කාලයේ හැමදේටම වඩා හොඳින් සහ පහසුවෙන්ම කරන්න පුළුවන් දේ තමයි වැඩි වැඩිය ජලය පානය කරන එක. වෙනදා ඔබ පානය කරනවට වඩා ජලය ලීටර් කීපයක් වැඩියෙන් පානය කරන එකෙන් ශරීරය වියලීම සහ Dehydrate තත්ත්වයට පත්වීම වළක්වාගන්න පුළුවන්. ශරීරයට හොඳින් ජලය ලැබෙද්දි සමේ තෙල් මට්ටම හොඳන් පාලනය වන නිසා සම වියලීමට වැට බඳින්න පුළුවන්.

Hydrating Cleanser 

සාමාන්‍යයෙන් ඔබේ සමේ ph අගය නියම විදිහට පවත්වාගන්න Hydrating Cleanser උදව් වෙනවා. දැනටමත් සම වියලීමට ලක්වෙලා නම් වඩාත් හොඳ විකල්පය වන්නේ මෙයයි. සමේ පෝෂණය සඳහා අවශ්‍ය ඔක්සිජන් නියමිත පරිදි ලබාගන්නත් මෙය දායක වෙනවා. ඒ වගේම අධික හිරුරැස් නිසා හානිවූ සමට ප්‍රතිකාරයක් විදිහටත් Hydrating Cleanser භාවිතා කරන්න පුළුවන්.

සඳුන් සත්කාරය

සඳුන් හෙවත් Sandalwood කියන්නේ සමට ඉතාම හොඳ සිසිලකාරක ප්‍රතිකාරයක්. සඳුන් තෙල් හෝ සඳුන් ක්‍රීම් භාවිතය මගින් හිරු එළියට පිලිස්සුනු සම නැවතත් පැහැපත් සහ සුවපත් සමක් බවට පත්කරනවා. ඒ නිසා ඉදිරි මාස දෙක තුන කාලයේ සඳුන් සත්කාරය ඔබේ සමට ඉතාම වැදගත් වේවි.

Fulvic Mineral 

Fulvic Mineral නැත්නම් Fulvic Acid කියන්නේ සමට පෝෂ්‍යදායී සත්කාරයක්. මේ ගැන දැනුවත් වෙලා භාවිතා කරන එක වඩාත් සුදුසු නිසා හොඳම දේ තමයි වෛද්‍යවරයෙක්ගෙන් හෝ සුදුසුකම්ලත් රූවලාවන්‍ය උපදේශකවරයෙක්ගේ නිර්දේශය මත මෙය භාවිතා කිරීම. අධික හිරුරැස් සහ උණුසුම නිසා සමට සිදුව ඇති හානියට ඖෂධයක් ලෙස විශාල කාර්යයක් කරන්න මේවාට පුළුවන්.

ඉතින් මෙන්න මේ දේවල් ටික මතක තියාගත්තොත් ඉස්සරහට එන උෂ්ණාධික කාලයේ ඔබේ සම ලස්සනට සහ සෞඛ්‍යසම්පන්නව තියාගන්න උපකාරයක් වෙයි.


Post a Comment

0 Comments