Header Ads Widget

Responsive Advertisement

Sex Toys ලංකාවේ තහනම් ද?

 


Sex සම්බන්ධයෙන් කතා කරද්දි බොහෝ තැන්වලදි කියවෙන වචනයක් තමයි Sex Toys හෙවත් ලිංගික උද්දීපනය ඇතිකිරීම උදෙසා යොදාගන්න උපකරණ. සාමාන්‍යයෙන් ලංකාවේ මේ මාතෘකාව එච්චර ප්‍රචලිත නැති වුණත් බොහොමයක් රටවල මහා පරිමාණ ව්‍යාපාර වශයෙන් ක්‍රියාත්මක වන Sex Toys ආයතන පවතිනවා වගේම ඒවායෙන් ප්‍රසිද්ධියේ නිෂ්පාදන මිළට ගන්න පාරිභෝගියන් විශාල පිරිසක් ඉන්නවා.

පහුගිය දවසක සමාජ මාධ්‍ය වෙබ් අඩවියක එක් තරුණයෙක් ප්‍රශ්නයක් අහලා තිබුණා ලංකාවේ Sex Toys තහනම් ද කියලා. ඒ කියන්නේ ලංකාවේ නීතියෙන් ලංකාව තුල Sex Toys මිළට ගැනීම හෝ භාවිතය තහනම් ද කියන එක. ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහයේ හෝ වෙනත් නීතිමය අණපනතක Sex Toys භාවිතය හෝ මිළට ගැනීම සම්බන්ධයෙන් විශේෂ සඳහනක් නෑ. ඒ නිසාම එක එල්ලේ මේවා ලංකාව තුල භාවිතය තහනම් කියලා කියන්න බෑ. කොහොමවුනත් දන්න තරමින් ලංකාව තුල Sex Toys මිළට ගැනීම හෝ භාවිතය කිසිම තහනමක් නෑ.

ඒත් කිසියම් කාන්තාවක් හෝ පුරුෂයෙක්ට ලිංගිකව හිරිහැර කිරීම (Sexual Harrasment) සඳහා Sex Toys භාවිතා කලොත් එයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න පුළුවන්. හැබැයි එතනදි නීතිය ක්‍රියාත්මක වෙන්නේත් ලිංගික හිරිහැර කිරීම කියන වරදට එරෙහිවයි. 

ඒ නිසා ලංකාවේ ඕනම කෙනෙක්ට ස්ත්‍රී පුරුෂ භේදයක් නැතිව Sex Toys මිළට ගෙන තමන් කැමති පරිදි පාවිච්චි කලා කියලා කිසිම ගැටළුවක් නෑ. ඒ වගේම වෙනත් රටක ඉඳලා Sex Toys රැගෙන ඒම හෝ ආනයනය කිරීමට තහනමක් ඇත්තේත් නෑ. 

Sex Toys ගැන නොදන්න කවුරුහරි ඉන්නවනම් සරලවම කිව්වොත් Sex Toys භාවිතා කරන්නේ කාන්තාවන් සහ පුරුෂයන්ට ස්වයං වින්දනයේ යෙදීමේදී වගේම දෙදෙනෙක් හෝ කිහිප දෙනෙක් ලිංගිකව එකතුවීමේදී ලිංගික උද්දීපනය ඇතිකරන්න සහ ලිංගික තෘප්තිය වැඩිකිරීමට මේ Sex Toys භාවිතා කරන්න පුළුවන්.

ඉතාම කුඩා Vibrator එකේ සිට විශාල ප්‍රමාණයේ සජීවී මිනිසෙක්ගේ තරම් බෝනික්කෙක් දක්වාම මේ Sex Toys නිෂ්පාදන පරාසය දිගු වෙනවා. ලංකාවේ පවා Sex Toys අලෙවි කරන අලෙවිසැල් තිබෙනවා වගේම ලංකාවේත් ඇතැම් පිරිස් මේවා භාවිතා කරලා තමන්ගේ ඒකාකාරී ලිංගික ජීවිතය වෙනස්ම සතුටකට උත්සහ කර බලනවා.

සාමාන්‍යයෙන් බොහොමයක් Sex Toys මිලෙන් අධිකයි. ඒකට හේතුව තමයි මේ නිෂ්පාදන සියල්ලම පාහේ විදේශ රටවල නිෂ්පාදනය වීම සහ මේවා ඉතා හොඳ ගුණත්වයකින් නිෂ්පාදනය කරලා, තත්ත්ව පරික්ෂා කරලා වෙලඳපොළට නිකුත් කිරීම. ඒ වගේම තමයි මේ බොහොමයක් ඉතා ප්‍රකට සන්නාමවලින් යුක්ත වීම.

ඇතැම් Sex Toys ක්‍රියාත්මක වෙන්නේ විදුලි හෝ බැටරි බලයෙන් නිසා ඒවා පාවිච්චි කිරීම සම්බන්ධයෙන් මූලික දැනුමක් වගේම හුරුවක් අවශ්‍යයි. නැත්නම් සමහරවිට විවිධ අනතුරු වලට පවා ලක්වෙන්න පුළුවන්. ඒ නිසා Sex Toys පාවිච්චි කරනවනම් හොඳින් දැනගෙන පාවිච්චි කරන එක වඩාත් හොඳයි.

Post a Comment

0 Comments