Header Ads Widget

Responsive Advertisement

කව්ද මේ Praveen Jayawickrama?

 


ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර පැවැත්වෙන දෙවනි ටෙස්ට් තරඟය වෙනුවෙන් කුළුඳුල් ටෙස්ට් වරම් හිමිකරගත් ප්‍රවීන් ජයවික්‍රම එහිදී තමන්ගේ මංගල ඉනිමේදීම බංගලාදේශ පිතිකරුවන් 6 දෙනෙක් දඩයම් කරමින් ලකුණු 92 කට කඩුලු 6 ලෙස සිය පන්දු යැවීම සටහන් කලා. එය ශ්‍රී ලාංකික පන්දු යවන්නෙක්ගේ හොඳම මංගල පන්දු යැවීම ලෙස සටහන් වෙනවා.

එසේම පළමු ඉනිමේදී කඩුලු 5ක් ලබාගත් 5 වැනි පන්දු යවන්නා ලෙස ප්‍රවීන් නම්කරන්න පුළුවන්. ඊයේ වෙද්දි මේ වමත් දඟ පන්දු යවන ක්‍රීඩකයා ලොව පුරා ක්‍රිකට් ලෝලීන්ගේ අවධානය දිනාගන්නට සමත්වුණා. ඒ නිසාම ප්‍රවීන් ජයවික්‍රම කියන්නේ කව්ද කියන එක බොහෝ දෙනෙක්ට ගැටළුවක් වෙලා තිබුණා.

1998 වර්ෂයේ ඉපදුණු ප්‍රවීන් ක්‍රිකට් ක්‍රීඩාවට එකතුවෙන්නේ මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලයෙන්. විද්‍යාලයේ 15න් පහළ සහ 17න් පහළ කණ්ඩායම් නියෝජනය කරමින් පන්දුවෙන් මෙන්ම පිත්තෙන්ද ඉතා හොඳ දස්කම් දක්වපු ප්‍රවීන්ට පාසලේ 19න් පහළ කණ්ඩායමේ විශේෂ ස්ථානයක් වෙන්වුණා.

2016 වසරේ පැවති ආසියානු යොවුන් කුසලාන තරඟාවලියේදී අවසන් මහා තරඟයට තේරී පත්වුණු ශ්‍රි ලංකා කණ්ඩායම වෙනුවෙන් ලකුණු 53කට කඩුලු 3ක් ලබාගනිමින් ඉන්දියානු යොවුන් කණ්ඩායමට ප්‍රබල අභියෝගයක් දීමට සමත්වුණා.

කෝල්ට්ස් ක්‍රීඩා සමාජය වෙනුවෙන් පළමුපෙල වරම් හිමිකරගත්ත ප්‍රවීන්ට 2018-19 තරඟ වාරයේ අවස්ථාව හිමිවුණා. ඒ වෙද්දිත් 2018 අවුරුද්දේ ප්‍රවීන්ට කමිඳු මෙන්ඩිස්ගේ නායකත්වයෙන් යුත් Sri Lanka Youth U-19 කණ්ඩායමේ අවස්ථාව හිමිවුණා. පස්සේ 2019 දි Moors ක්‍රීඩා සමාජයට එක්වෙන මේ වමත් දඟපන්දු යවන්නා එහිදී පළමු පෙල තරඟාවලියේ විශිෂ්ට ලෙස දස්කම් පෙන්වන්න සමත්වෙනවා.

පළමු පෙළ තරඟ 10කදී කඩුළු 40ක් දවාගන්නට සමත්වුණු ප්‍රවීන් ජයවික්‍රම අවස්ථා තුනකදීම කඩුලු 5 බැගින් ලබාගන්නට සමත්වෙනවා. ඒ නිසාම ප්‍රවීන්ගේ දක්ෂතා පිළිබඳ ක්‍රිකට් විශ්ලේෂකයන්ගේ අවධානය දැඩිව යොමුවෙනවා.

ඒත් එක්කම බංගලාදේශය සමග ටෙස්ට් තරඟාවලියේදී ආබාධයට ලක්වෙන ප්‍රමුඛ දඟපන්දු යවන ක්‍රීඩක ලසිත් ඇඹුල්දෙණිය වෙනුවට ප්‍රවීන් ජයවික්‍රමට අවස්ථාව හිමිවෙනවා. ලද පළමු අවස්ථාවෙන්ම ඉතා ‍ඉහළ දස්කම් දක්වමින් ලෝකයේම අවධානය දිනාගන්නට සමත්වුණු මේ අවුරුදු 22ක් වන දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයාට Colombo Plus අපි සුබම සුබ අනාගතයකට පැතුම් එක්කරනවා.


Post a Comment

0 Comments