Header Ads Widget

Responsive Advertisement

තිරසාර කෘෂිකාර්මික අනාගතයක් උදෙසා යුරෝපා සංගමයේ ‘Farm to Fork’ උපායමාර්ගය

 


තිරසාර ආහාර සුරක්ෂිතභාවය සහතික කිරීම ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ සහ රටේ ආර්ථිකයේ වැදගත් කොටසකි. COVID-19 වසංගත තත්ත්වය හේතුවෙන් පවතින වාතාවරණය තුළ රටේ ජනතාවට ආහාර අවශ්‍යතාවය වෙනුවෙන් ප්‍රමාණවත් සැපයීමක් සඳහා ශක්තිමත් හා කෘෂිකාර්මික ආහාර පද්ධතියක වැදගත්කම පෙනී තිබේ. පවතින වසංගත තත්ත්වය ඊට එක් උදාහරණයක් පමණි. නියඟය, ගංවතුර හා නව පළිබෝධ වෙළඳපොළට පැමිණීම ආදී කාරණා අපගේ ආහාර පද්ධති වඩාත් තිරසාර හා ශක්තිමත් විය යුතු බව  අවධාරණය කරයි.

යුරෝපයේ ආහාර සුරක්ෂිතභාවය වැඩි දියුණු කිරීම සඳහා සහ එහි හවුල්කාර රටවල් සමග  යුරෝපා සංගමය (EU) සිය ‘ෆාම් ටු ෆෝක්’ (Farm to Fork) උපායමාර්ගය සකස් කර ඇත. මෙම ආරම්භය සෞඛ්‍ය සම්පන්න සහ පරිසර හිතකාමී ආහාර පද්ධතියක් ඇති කිරීම වෙනුවෙන් නව තිරසාර, සාධනීය මාවතක් ලබාදෙයි.

‘ෆාම් ටු ෆෝක් ’ උපායමාර්ගය යනු 2050 වන විට දේශගුණික විපර්යාන්ස හමුවේ මධ්‍යස්ථ සම්පත් කළමනාකරණයක් තුළින් කාර්යක්ෂම අනාගතයක් සඳහා දැක්මක් සපයන යුරෝපා සංගමය විසින් අපේක්ෂා කරනු ලබන හරිත ගනුදෙනුවේ කොටසකි.

ලෝක ආහාර ක්‍රමය සම්බන්ධයෙන් 2021 වසරේ සැප්තැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ (UN) සමුළුවට ශ්‍රී ලංකාව සහභාගී වීමට නියමිතය. 

යුරෝපා සංගමයේ 'ෆාම් ටු ෆෝක්' උපාය මාර්ගය තුළින් රට පුරා ආහාර සුරක්‍ෂිතභාවය වැඩිදියුණු කිරීම සඳහා ප්‍රතිපත්තිමය වශයෙන් සාර්ථක මග පෙන්වීමක් ලබාදේ. 

'ෆාම් ටු ෆෝක්' උපායමාර්ග තුළින්  ශ්රී ලංකාව මුහුණ දෙන කෘෂිකාර්මික අභියෝග සහා ලංකාව වඩාත් තිරසාර කෘෂිකාර්මික ආහාර රටාවක් කරා ගමන් කරන්නේ කෙසේද යන්න පිළිබඳව ක්රමෝපායන් හඳුන්වාදේ.

මේ සඳහා යුරෝපා සංගමය විසින් අරමුදල් සපයා දෙනු ලබන අතර 'කෘෂිකර්මික නවීකරණය සඳහා තාක්ෂණික සහාය' ටැමැප්   (TAMAP) වැඩසටහන මගින් ඊට ආහාර පද්ධතිවල තිරසාරභාවය පිළිබඳ නව උපායමාර්ගික ප්රවේශය ලබාදෙනු ඇත.

වඩාත් ශක්තිමත්, වැඩි පෝෂණයකින් හා තිරසාර ආහාර ක්රමයක් සහා තිරසාර ගොවිතැන සඳහා ශ්රී ලංකාව මුහුණපානු ලබන ගැටළු වලට විසඳුම් ලබාදීමට විශේෂඥ කණ්ඩායමක් මීට අදාලව සිටිති. 

ශ්‍රී ලංකාව හා මාලදිවයින සඳහා වූ යුරෝපා සංගම් නියෝජිත ආයතනයේ ප්‍රධානී ‘ෆ්රෑන්ක් හෙස්’ ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාව සමඟ යුරෝපා සංගමයේ හවුල්කාරිත්වයේ මුලික අරමුණ වන්නේ කෘෂිකර්මාන්තය සහ ග්‍රාමීය සංවර්ධනය බවත්, දශකයකට ආසන්න කාලයක් පුරා යුරෝපා සංගමය විසින් ප්‍රාදේශීය ජනතාවට සහා ගොවීන්ට වඩාත් සමීප වූ, නවීකරණය කරන ලද සහ තිරසාර කෘෂිකර්මාන්තයක් කරා ගමන් කිරීමට සහාය වෙමින් සිටින බවයි. යුරෝපීය කොමිසම වෙනුවෙන් අදහස් පවසන ආචාර්ය ‘ඔලාෆ් හයිඩෙල්බේච්’ මහතා, “කෘෂිකාර්මික ප්‍රතිපත්ති සංවර්ධනය කිරීමේදී සහා  පාරිසරික හා ආර්ථික තිරසාරභාවය ඒකාබද්ධ කිරීමේදී යුරෝපීය සංගමය සහ ශ්‍රී ලංකාව අතර බොහෝ සමානකම් තිබෙනවා. මෙම හේතූන් නිසා, යුරෝපා සංගමයේ ‘ෆාම් ටු ෆෝක්’ උපායමාර්ගික ගෝලීය බලපෑම තවදුරටත් වැඩිදියුණු කිරීම සඳහා ශ්‍රී ලංකා රජය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට යුරෝපා සංගමය කැමැත්ත පළකර තිබෙනවා’’.

චම්පා මාගමගේ (උද්‍යාන බෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනය- HORDI), ආචාර්ය සුමිත් (පළිබෝධ නාශක රෙජිස්ටාර්), කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ දිස්නා රත්නසිංහ, සහා රන්මලී ගමගේ (GIZ Sri Lanka) යන මහත්ම මහත්මීන් ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය හා වත්මන් ගැටළු පිළිබඳව අවධානය යොමු කරන ලදී. ඊට ආහාර කර්මාන්තය, ආහාරවල රසායනික ද්‍රව්‍ය භාවිතය, ආහාර ඇසුරුම, ලේබල් කිරීම, සහතික කිරීම සහ කාබනික කෘෂිකාර්මික භාවිතයන් ප්‍රවර්ධනය කිරීම සම්බන්ධ ප්‍රායෝගික අවශ්‍යතා සහ නියාමනයන්ද අදාලය.

ශ්‍රී ලංකාව මේවනවිට තම ජනතාවට තිරසාර ආහාර සුරක්‍ෂිතභාවය සහතික කිරීමේ අභියෝග රැසකට මුහුණ දී සිටින බවට හඳුනාගෙන තිබේ. සුරක්ෂිත, පෝෂ්‍යදායී හා උසස් තත්ත්වයේ ආහාර සඳහා වඩා හොඳ ප්‍රවේශයක් සහ දැරිය හැකි මිලක්, හඳුනාගත් විසඳුම් ක්‍රියාත්මක කිරීමේ හැකියාව හෝ වඩා හොඳ පාරිභෝගික දැනුම්වත්භාවය ආදී කරුණු තිරසාර ආහාර පද්ධති සංවර්ධනය සඳහා වූ උපාය මාර්ග රාමුව ශක්තිමත් කිරීමට ශ්‍රී ලංකාව සැළකිලිමත් විය යුතු කරුණු වේ. 

ශ්‍රී ලංකාවේ කෘෂිකර්ම අමාත්‍යංශයේ සම්බන්ධීකරණය යටතේ ලෝක ආහාර වැඩසටහනට (WFP), ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) සහ කෘෂිකාර්මික සංවර්ධනය සඳහා ජාත්‍යන්තර අරමුදල (IFAD) ළඟදීම ශ්‍රී ලංකාවේ සහභාගීත්වය අපේක්ෂා කරන අතර ඒ සඳහා ජාතික උපදේශන මාලාවක් ඉදිරපත් කිරීමට නියමිතය. ලෝක අහාර සමුළුවේදී තිරසාර ආහාර පද්ධති සැපයීම සඳහා ශ්‍රී ලංකාව ප්‍රතිපත්තිමය නිර්දේශ ඉදිරිපත් කිරීමටද නියමිතය. කෘෂිකාර්මික අංශය පවතින ප්‍රතිපත්ති වෙනස්වීම්වලට හා නව ප්‍රතිපත්තීන් වලට අනුවර්තනය වීමට අවශ්‍ය වන අතර ආර්ථික, පාරිසරික හා සමාජ ප්‍රතිලාභ ලබා දෙන තිරසාර කෘෂිකාර්මික ආහාර පද්ධතියක් කරා ගමන් කිරීම වෙනුවෙන් වඩාත් තිරසාර කෘෂිකාර්මික ක්ෂේත්රයක් තුළින් එය පහසු බව  ‘ෆාම් ටු ෆෝක්’ උපායමාර්ගය වැඩිදුරටත් සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් වැඩි විස්තර සඳහා  https://www.eusl-ruraldevelopment.org/  යුරෝපා සංගමය (EU) - ශ්‍රී ලංකා ග්‍රාම සංවර්ධන වෙබ් අඩවියට පිවිසෙන්න


Post a Comment

0 Comments