Header Ads Widget

Responsive Advertisement

ලබන සතියේ සිට Unlimited Data?


ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම (TRCSL) සඳහන් කරන ආකාරයට ලබන සතියේ සිට ශ්‍රි ලංකාවේ අන්තර්ජාල සේවා පහසුකම් සපයන සමාගම් සිය Unlimited Data Packages පාරිභෝගියන්‍ වෙනුවෙන් ඉදිරිපත් කරනු ඇති බවයි. මීට සති කිහිපයකට පෙරාතුවද එම කොමිසම නුදුරු දිනකදී අසීමිත අන්තර්ජාල දත්ත පැකේජ ලබාදීමට අවශ්‍ය උපදෙස් සහ නියෝග ලබාදී ඇති බව සඳහන් කරනු ලැබීය.

TRCSL හි අධ්‍යක්ෂක ජනරාල් ඕෂධ සේනානායක මහතා 2021 අන්තර්ජාල දිනයට එක්වෙමින් ප්‍රකාශ කර ඇත්තේ, මේ වනවිටත් එක් එක් සමාගම විසින් යෝජිත අසීමිත අන්තර්ජාල දත්ත පැකේජ තම ආයතනය වෙත ලැබි ඇති බවත්, දැනටමත් ඒවා පරික්ෂාකර බලා අනුමැතිය ලබාදී ඇති නිසා ඉදිරි සතියේ සිට ඒවා ක්‍රියාත්මක වනු ඇති බවය.

ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ අදාල සමාගම් විසින් අසීමිත අන්තර්ජාල දත්ත පැකේජ ලබාදුන්නද අසීමිත වේගයක් අපේක්ෂා කළ නොහැකි බවය. පාරිභෝගියන් විශාල පිරිසක් අන්තර්ජාලය හා සම්බන්ධවීම නිසා ඇතිවිය හැකි දත්ත අවහරිතා නිසාවෙන් එසේ වේගය සීමාවිය හැකි බවද හෙතෙම පවසයි.

අසීමිත දත්ත සහ අසීමිත වේගය යන දෙකම අපේක්ෂා කළ නොහැකි නමුත් අන්තර්ජාල සේවා සැපයුම් ක්ෂේත්‍රයේ ගුණාත්මකභාවය ආරක්ෂා කිරීම වෙනුවෙන් තම ආයතනය කටයුතු කරන බවද පැවසීය.

කෙසේ වෙතත් මේ වනවිටත් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය නව වසර උදාවීමේ සමයේදී සිය නවතම Unlimited Data Packages පාරිභෝගියන් වෙත ඉදිරිපත් කරන බවට සමාජ මාධ්‍ය ඔස්සේ දැන්විම් පළකර තිබේ.


Post a Comment

0 Comments