Header Ads Widget

Responsive Advertisement

LG සමාගම Smartphone නිෂ්පාදනය නවතා දමයි!

 

දකුණු කොරියාවේ LG ඉලෙක්ට්‍රොනික් සමාගම ඔවුන්ගේ ජංගම දුරකතන නිපදවීමේ අංශය වසා දැමීමට තීරණය කර තිබේ. එයට හේතුව දීර්ඝ කාලයක් තිස්සේ ඔවුන්ගේ ජංගම දුරකතන නිෂ්පාදනය පාඩු ලබන තත්ත්වයට පත්ව තිබීම ය. ඒ අනුව නිෂ්පාදන වෙළඳපොලෙන් ඉවත්වූ පළමු ලොව පිළිගත් Smartphone සන්නාමය බවට LG ත්වනු ඇත.

මේ වසරේ මැද භාගයේ සිට ජංගම දුරකතන නිෂ්පාදනය නතර කර දැමීමෙන් පසු LG සමාගම විදුලියෙන් ධාවනය වන වාහන, Smart Homes, රෝබෝ තාක්ෂණය සහ කෘත්‍රීම බුද්ධිය ආශ්‍රිත නිෂ්පාදන සඳහා යොමුවීමට අපේක්ෂා කරන බව එම සමාගම විසින් නිකුත් කරන ලද නිවේදනයක සඳහන් වේ.

උතුරු ඇමරිකාවේ පමණක් LG සමාගමේ වෙළඳපොල කොටස 10% ඉක්මවා පැවති අතර එය ඇමරිකාව තුලදී සැම්සුන්ග් සහ ඇපල් සන්නාම සමග ඉතා හොඳින් තරඟ කරමින් තිබිණී. එම කලාපය තුල මැදි ආදායම් ලාභීන් ඉලක්ක කරගෙන ජංගම දුරකතන නිෂ්පාදනයේ යෙදුණු LG සමාගමට ඉතා හොඳ තරඟයක් එහි පැවතියද ලොව අනෙකුත් කලාපවල වෙළඳපොල ශක්තිමත් නොවීම මත දැඩි ලෙස අලාභ ලැබෙන තැනට කටයුතු සිදුවිය.

වසර 6 කට වැඩි කාලයක් තිස්සේ එම සමාගම ඩොලර් බිලියන 4.5 කට වැඩි පාඩුවකට මුහුණදී ඇති බවද දැනගන්නට ලැබේ.2013 වර්ෂ්‍ය වන විටත් Smart දුරකතන වෙළඳපොලේ ඉදිරියෙන්ම සිටියේ LG සමාගම වන අතර මුලින්ම ultra-wide angle කැමරා සහිත දුරකතන ලොවට හඳුන්වාදුන්නේද එම සමාගමය. LG සමාගම ඇපල් සහ සැම්සුන්ග් හැරුණු විට ඇමරිකානු වෙළඳපොල වෙනුවෙන් විශාලතම ජංගම දුරකතන නිෂ්පාදනය කරන සමාගම විය.

නමුත් ලොව සමස්ත ජංගම දුරකතන වෙළඳපොල දෙස බැලූ විට LG සමාගමේ දායකත්වය 2% කට ආසන්න ප්‍රමාණයකි. පසුගිය සමයේ චීන ජංගම දුරකතන සන්නාමයන් වන Oppo, Vivo, Xiaomi වැනි සමාගම් සමග තරඟ කිරීමට LG සමාගම අපොහොසත්වූ බව ප්‍රකට කරුණකි.

Post a Comment

0 Comments