Header Ads Widget

Responsive Advertisement

Heart Attack එකකට පස්සේ ලිංගිකව එක්වීම අවදානම්ද?


ලෙඩ ගැන කතාකරද්දි Heart Attack එකක්, එහෙමත් නැත්නම් හෘදයාබාධයක් කියන්නේ අද වෙද්දි සාමාන්‍ය අසනීපයක් තරමට මිනිස්සු අතරේ පොදු දෙයක් වෙලා. සමහර උදවියට Heart Attack එකකින් පස්සෙත් ප්‍රතිකාර ලබලා ජීවත් වෙන්න වාසනාව තිබුණට ඒ වගේම පිරිසක් මේ රෝගය නිසා මියයනවා. වසරකට විශාල පිරිසක් ලෝකයේ Heart Attack වලට ගොදුරු වෙනවා. 

ප්‍රධාන වශයෙන්ම ආහාර රටාවේ ඇති ගැටළු, මත්පැන් සහ මත්ද්‍රව්‍ය භාවිතය, දුම්වැටි භාවිතය වගේම දෙමාපියන්ගෙන් ලැබෙන සංජානනීය හේතුමත වුනත් Heart Attack ඇතිවෙන්න පුළුවන්. අද වෙද්දි ලෝකයේ වෛද්‍ය තාක්ෂණය ඉතා දියුණු මට්ටමක තිබෙන නිසා නිසි වෙලාවට වෛද්‍ය පරීක්ෂණ සිදුකරනවනම් හෘදයාබාධ ඇතිවෙන්නත් කලින්ම අඳුනගෙන ප්‍රතිකාර ලබාගෙන ජීවන රටාව වෙනස් කරගෙන සුවයෙන් ජීවත් වෙන්න පුළුවන්. 

ඒත් Heart Attack එකක් හැදිලා ශෛල්‍යකර්මයක් කරලා පසුවෙන කාලය තුලදි සාමාන්‍ය ජීවිතේට නැවත හුරුවෙද්දි බොහොමයක් කාන්තාවන්ට වගේම පිරිමින්ටත් ඇතිවෙන ගැටළුවක් තමයි Heart Attack එකෙන් පස්සේ පුරුදු ලිංගික ජීවිතය අහිමිවෙයිද? නැත්නම් ලිංගික ජීවිතය නිසාම ආයෙත් Heart Attack එකක් ඇතිවෙන්න පුළුවන්ද කියන එක. මේ ගැටළුවලට පිළිතුරු ලෝකය පුරා කරපු විවිධ වෛද්‍ය පර්යේෂ හරහා අනාවරණය කර තිබෙනවා. 

මේ අතරේ ඔබ නොදන්න කාරණයකුත් තිබෙනවා. ඒ තමයි Heart Attack හැදෙන පිරිසෙන් 67%ක් ම රෝගී තත්වය ඇතිවෙන්නට පෙර කාලයේ ලිංගිකව එක්වීම හෝ ව්‍යායාම සිදුකිරීම මගහැරපු උදවිය කියන එක. ඒ නිසා අපි මිට කලින් ලිපියකින් පවා කියලා තියනවා Sex කියන්නේ හොඳ Exercise එකක් කියලා.  

නිසි පරිදි ව්‍යායාම කරන සහ අඩුම තරමේ සතියකට එක් වතාවකට වඩා ලිංගිකව එක්වෙන පුද්ගලයන්ට Heart Attack ඇතිවෙන සම්භාවිතාව ඉතාම අඩුයි. සාමාන්‍යයෙන් හෘදයාබාද වැඩිපුර ඇතිවෙන වයස් ප්‍රමාණය වයස අවුරුදු 45 ට වැඩි පිරිසයි. ඒ අතරින් ලිංගිකව සක්‍රීය, ඒ කියන්නේ සතියකට එක් වතාවකට වඩා අඩුවෙන් අභ්‍යන්තරව ලිංගිකව එක්වන සහ එම ලිංගික එක්වීම විනාඩි 15 ක කාලයට වඩා අඩුවෙන් ගතකරන කාන්තා-පිරිමි දෙපාර්ශවයටම හෘදයාබාධ ඇතිවීමේ සම්භාවිතාව ඉතා වැඩියි. 

Heart Attack එකකට පස්සේ? 

බොහෝ දෙනෙක් Heart Attack එකකට පස්සේ ලිංගිකව එක්වෙන්න බියක් දක්වනවා. මේකට ගැහැණු පිරිමි භේදයක් නෑ. බොහෝ දෙනෙක් හිතන්නේ ලිංගිකව එක්වෙන අතරේ තව වතාවක් Heart Attack එකක් හැදිලා නිදන කාමරේම මියයාවි කියලා. ඒත් ඇත්තම කතාව ඊට ටිකක් වෙනස්. 

Heart Attack එකකට පස්සේ ශරීරයට අවශ්‍ය ව්‍යායාම ක්‍රමානුකූලව වර්ධනය කිරීමට භෞති චිකිත්සකයන් පවා උපදෙස් දෙනවා. කාලය ගතවෙද්දි ඉතාම හොඳින් ව්‍යායාම කරන නිරෝගී පුද්ගලයෙක් බවට හෘදයාබාධය වැලඳුණු රෝගියා පත්වෙනවා. ඉතින් ඒ නිසා ලිංගික ජීවිතයත් ක්‍රමානුකූලිව පුරුදු විදිහටම විතරක් නෙවෙයි ඕනනම් ඊටත් වඩා වාර ගණනක් සහ වැඩි වෙලාවක යෙදුනාට කමක් නෑ. 

මොකද ලිංගික එක්වීමක් කියන්නෙත් දෙදෙනාගේම ශරීරයේ හොඳින්ම ක්‍රියාකාරකම් සිදුවෙන ව්‍යායාමයක් නිසා. අවාසනාවකට සමහරු අවුරුදු 40න් 45න් Heart Attack එකක් හැදුනම එතනින් පස්සේ සම්පූර්ණයෙන්ම ලිංගික ජීවිතය අතහැරලා දමනවා. ඒක බොහොම නරක දෙයක්. ඒක නිසා Heart Attack එකක් හැදිලා සුව වෙමින් ඉන්න කාලෙදි අවශ්‍යනම් වෛද්‍යවරයා එක්ක කතාකරලා නැවත ඔබේ ලිංගික ජීවිතයට ටික ටික යොමුවෙන්න. ඒක ඔබේ ශරීරයට විතරක් නෙවෙයි පවුල් ජීවිතයටත් හොඳයි. 

Post a Comment

0 Comments