Header Ads Widget

Responsive Advertisement

ප්‍රිත්වි සහ ෂිකර්ගේ මල්වෙඩි වලින් Delhi Capitalsට විශිෂ්ට ජයක්!


2021 ඉන්දියානු ප්‍රිමියර් ලීග් IPL තරඟාවලියේ දෙවැනි තරඟය ඊයේ(10) මුම්බායි නුවර වැන්කඩේ පිටියේදී පැවැත්වුනේ Chennai Super Kings කණ්ඩායම සහ Delhi Capitals කණ්ඩායම් අතරයි. කාසියේ වාසිය දිනාගත් Capitals නායක රිෂාබ් පාන්ට් මුලින් පන්දු රැකීමට තීරණය කරනු ලැබීය.

ඒ අනුව පිටියට පිවිසි මහේන්ද්‍ර සිං දෝනිගේ අඛණ්ඩ නායකත්වයෙන් යුත් Chennai ක්‍රීඩකයන් පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 188 ක දැවැන්ත ලකුණු පුවරුවක් ලබාදුන්නේ පන්දු වාරයකට ලකුණු 9.4 ක සාමාන්‍යයක් රඳවාගනිමින් ය. හිටපු ඉන්දීය පිතිකරු සුරේෂ් රෙයිනා එහිදී ලකුණු 54ක් ලබාගත්තේ හයේ පහර 4ක් සහ හතරේ පහර 3ක් සමගින්ය.

එයට අනගි සහයක් ලබාදුන් මොයින් අලී ලකුණු 36ක් ලබාගත් අතර අවසන් පන්දුවාර කීපයේ පිටිය දෙවනත් කල සෑම් කුරාන් පන්දු 15කදී ලකුණු 34ක් ලබාගත්තේ හයේ පහර 2ක් සහ හතරේ පහර 4ක් සමගින්ය. පන්දු යැවීමේදී Capitals ක්‍රීඩකයන් වෙනුවෙන් ක්‍රිස් වෝක්ස් ලකුණු 18කට කඩුලු 2ක් සහ අවේෂ් ඛාන් ලකුණු 23කට කඩුලු 2ක් බිඳ දැමීය.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි Capitals ක්‍රීඩකයින් ආරම්භක කඩුල්ල වෙනුවෙන් පන්දුවාර 13යි පන්දු 3කදී ලකුණු 138ක් ලබාගනිමින් Chennai කණ්ඩායමට ප්‍රබල ප්‍රහාරයක් එල්ල කරනු ලැබීය. පන්දුවාර 18යි පන්දු 4කදී කඩුලු 3ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසුකරනු ලැබීය. 

එහිදී ෂිකර් ධවාන්ගේ අති ධාවනකාරී ඉනිම පන්දු 54කදී ලකුණු 85කින් අවසන් වනවිට හයේ පහර 2ක් සහ හතරේ පහර 10ක් සීමා ඉරෙන් ඔබ්බට ගමන්කර තිබිණි. අනෙක් අන්තයේ නොසැලෙන ඉනිමක් ක්‍රීඩා කල ප්‍රිත්වි ෂෝ පන්දු 38කදී ලකුණු 72ක් ලබාගත්තේ හයේ පහර 3ක් සහ හතරේ පහර 9ක් සමගින්ය. 

ඒ අනුව IPL ලකුණු සටහනේ Banglore කණ්ඩායම ඉක්මවා ප්‍රථම ස්ථානයට පැමිණීමට Capitals කණ්ඩායම සමත්විය. අද(11) තරඟය පැවැත්වෙන්නේ Sunrisers Hydrabad කණ්ඩායම සහ Kolkata Knight Riders අතර ය. එය 

Post a Comment

0 Comments