Header Ads Widget

Responsive Advertisement

ඔස්කාර් ඉතිහාසයේ නව පිටුවක් පෙරළූ චීන කෙල්ල "ක්ලොයි''


එක්සත් ජනපදයේ මූල්‍යමය ගැටළු නිසාවෙන් ස්වකීය වෑන් රථවල දිවිගෙවන Nomadland මිනිසුන්ගේ කතාව Nomadland ලෙසින් චිත්‍රපටයකට නැගූ චීන ජාතික  ක්ලෝයි ෂාඕ (Chloe Zhao) ඇකඩමි සම්මාන උළෙලකදී හොඳම අධ්‍යක්ෂක සම්මානය දිනාගත් පළමු ආසියානු කාන්තාව බවට පත්විය. 

39 හැවිරිදි ඇය ඇකඩමි සම්මාන උළෙලකදී  හොඳම අධ්‍යක්ෂවරයාට හිමි සම්මානය ලැබූ දෙවන කාන්තාවද වේ.

චීනයේ උපත ලැබූ Chloe වයස අවුරුදු 14 වන තෙක් බීජිං හි ජීවත් වූවාය. පසුව ඇය ලොස් ඇන්ජලීස් වෙත ගොස් උසස් අධ්‍යාපනය හදාරා පසුව නිව්යෝක්හි චිත්‍රපට පාසලකට ඇතුළත් වූවාය.

nomadland ඇගේ තෙවන සිනමා නිර්මාණය වන අතර ඒ සඳහා එම වෑන් රථවල දිවිගෙවන මිනිසුන්ද එක්කරගැනීම සුවිශේෂී වේ. 

එමෙන්ම මෙම චිත්‍රපටයේ රංගනයෙන් දායකත්වය දැක්වූ රංගන ශිල්පිනි ෆ්‍රැන්සිස් මැක්ඩෝමන්ඩ් හොඳම රංගන ශිල්පිනියට හිමි සම්මානය දිනා ගත්තාය. 

ඇය ඇකඩම් සම්මාන උළෙලේ හොඳම රංගන ශිල්පිනිය ලෙසින් සම්මානය ප්‍රාප්ත වූ තෙවැනි අවස්ථාව මෙය වීමද සුවිශේෂීය. 

සම්මාන උළෙල එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලීස් හි ඉරිදා (26) උත්සවාකාරයෙන් පැවැත්විණි.  

Post a Comment

0 Comments