Header Ads Widget

Responsive Advertisement

ස්ට්‍රෙස් අඩු කරන පෙට්ස්


සමහරක් වෙලාවට වැඩ වැඩි වෙලා එහෙමත් නැතිනම් වෙන පෞද්ගලික ප්‍රශ්නයක් අපිට office එකේදී වැඩ කර ගන්න බැරිව ස්ට්‍රෙස් වන අවස්තා එමටයි.

ඔන්න දැන් එහෙම වැඩ කරගන්න බැරි පහසුවෙන් කර ගන්න පොඩි දෙයක් කියලා දෙන්නයි මේ සූදානම.

නවතම සොයාගැනීමකට අනුව පූසන් සිටින වීඩියෝ නැරඹීමෙන් ඔබට අපහසු කාර්යයන් පහසුවෙන් ඉටු කිරීමේ හැකියාව ලැබෙනවා.

එවැනි වීඩියෝ නරඹන්නන් තුල ශක්තිය සහ හැඟීම් වර්ධනය වී අසුබවාදී දේ පිළිබඳ යහපත් පෙළඹවීමක් ඇති වන බව journal Computers in Human Behaviour වෙබ් අඩවිය මගින් සිදු කළ සමීක්ෂණයකට අනුව තහවුරු වෙලා තිබෙනවා.

මේ සමීක්ෂණය සඳහා සමාජජාල වෙබ් අඩවි භාවිතා කරන්නන් හත්දහසක් පමණ යොදාගත්තා කියලා තමයි පැවසෙන්නේ.

ඉන්දියානා විශ්වවිද්‍යාලයේ සහය මහාචාර්ය ජෙසිකා ගෝල් පවසන්නේ කාර්යාලයේදී වුවත් මෙවැනි වීඩියෝ නැරඹීමෙන් වැඩ අතපසු උනත් අපහසු දේ කිරීමට ඉන් ලැබෙන උත්තේජනය විශ්මයජනක බවයි.

දැන් ඉතින් වැඩක් හරියට කරගන්න බැරිව ස්ට්‍රෙස් එකේ ඉන්නවානම් අහුවෙන හැම පූසෙක්ගෙම වීඩියෝ බලන්නයි තියෙන්නෙ.

ඊලඟට තියෙන ප්‍රශ්නය data. ඒකට වගකියන්න ඉතින් අපිට බැහැ. ඒවා ඉතින් තම තම ණැන පමණින් දැනකියා ගන්න වෙනවා.

Post a Comment

0 Comments