Header Ads Widget

Responsive Advertisement

හොඳවෙන්නෙම නැති කුරුලෑ හොඳ කරන ක්‍රම


කුරුලෑ කියන්නේ රූපය ගැන සැලකිලිමත්වෙන බොහෝ දෙනෙක්ට විශාල මානසික වදයක්. ඒ අතරින් හොඳවෙන්නෙම නැති කුරුලෑ වර්ගයක් විදිහට ‘තද කුරුලෑ‘ (Hard Pimples) හඳුන්වන්න පුළුවන්. කාලයක් තිස්සේ හොඳ නොවී තිබීම, පැසවා තුවාල වීම, විශාල ප්‍රදේශයක් පුරා පැතිරීම වගේ දේවල් නිසා මේ කුරුලෑ වර්ගය ඉතාම කරදරයක්.

විවිධ ප්‍රතිකාර කරලත් කල් පවතින කුරුලෑ හොඳවෙන්නේ නැත්නම් තවත් විශාල වියදම් කරලා අමාරුවේ වැටෙන්නත්, අහිතකර ප්‍රතිකාර ක්‍රමවලට ගිහින් ජීවිත අවදානමකට දාගන්නේ නැතිව මේ ලිපිය හොඳින් කියවන්න.

මේ කල්පවතින කුරුලෑ ඉවත් කරන්න ඉතාම අමාරුවෙන්න ප්‍රධානතම හේතු කීපයක් තියනවා.

1. විශාල ප්‍රදේශයක් පුරා වේගයෙන් පැතිර තිබීම.

2. ඉතාම ගැඹුරට පැතිරීම

කරුලෑ කියන්නේ මැරුණු සම, මැරුණු සෛල සහ බැක්ටීරියා රෝම කූප මුල්වලට එක්වෙලා රසායනිකව ප්‍රතික්‍රියා කිරීමෙන් නිර්මාණය වෙන දෙයක්. මෙම තද සහ කල් පවතින කුරුලෑ ඉවත් කරන්න මෙන්න මේ දේවල් කරලා බලන්න.

එකක් තමයි දිනපතා උදේ අවදිවුණ ගමන් ම සහ රාත්‍රී නින්දට යන්නට කලියෙන් උණුකර නිවාගත් වතුරින් කරුලෑ සහිත ස්ථාන පිරිසිදු රෙදි කඩක් භාවිතයෙන් තවා ගැනීම. මේ නිසා අලුත් කුරුලෑ ඇතිවීම වගේම පවතින කුරුලෑ තුලින් පුස් වැනි දේ මතුවෙලා තුවාල ඇතිවීම වලකිනවා.

කුරුලෑ සහිත ස්ථාන රතුවෙලා, ඉදිමීමෙන් වේදනා ගෙන දෙන තත්වයේ තිබෙනවනම් අයිස් පැක් එකක් භාවිතයෙන් එම ස්ථාන ඉතා සෙමින් සම්බාහනය කිරීමෙන් එම වේදනාව අඩුකරගන්න පුළුවන්.

විටමින් ඊ සහිත තෙල් හෝ ඔලිව් තෙල් (සමහරක් අයගේ සමට ඔලිව් තෙල් ගැලපෙන්නේ නැහැ)ඉතා හොඳින් කුරුලෑ මත සම්බාහනය කිරීම දිනපතා සිදුකිරීමෙන් කුරුලෑ පැතිරීම වලක්වාගැනීමට හැකියාව පවතිනවා. ඒත් මේ මොනවා කලත් ඔබේ චර්යාව හොඳ නැත්නම් නැවත කුරුලෑ ඇතිවීම වගේ කුරුලෑ වර්ධනය නතර කරන්න බෑ.

අහිතකර නොවන ක්ලෙන්සරින් ක්‍රීම් වර්ගයක් භාවිතා කරලා දිනපතා ඉතා හොඳින් මුහුණ සේදීම සිදුකල යුතුයි.

හිස්සොරි නිසාත් කුරුලෑ ඇතිවීම සිදුවෙනවා. ඒ නිසා හැකි සෑම දිනයකදීම ස්නානය කිරීම හා එයට හිස්සොරි නැතිකරන ෂැම්පු වර්ගයක් හෝ ගොඩපර වැනි ශාකසාර භාවිතා කරන්න පුළුවන්.

මතක තියා ගන්න ඇතැම් ඇක්නි තත්වයන් තියෙනවා වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු විය යුතු. එවැනි අවස්ථාවලදි සැළකිළිමත් වෙන්න. ඒ වගේම නිතර මුහුණ පිරිමැදිමෙන් වළකින්න.

ඔබ මේකප් කරන කෙනෙක් නම් එම නිෂ්පාදන තෝරාගනිද්දි ඉතාම ප්‍රවේසම් වෙන්න. ඒ වගේම මුහුණේ ආලේප කරන ක්‍රීම් වර්ග, ගාන සබන් හෝ ෂවරින් ජෙල් වර්ගය ශාකසාරි සංයෝග වලින් නිර්මාණය කල දේවල් නම් වඩාත් හොඳයි.

දැන් තේරෙනවා නේද මේ කල්පවතින කුරුලෑ වර්ග ඉවත් කරන්න නම් ඉතාම කැපවීමෙන් මේ දේ කලයුතු වෙනවා කියන එක.

Post a Comment

0 Comments