Header Ads Widget

Responsive Advertisement

කම්මැලි නැති අවුරුද්දක් වේවා!


මේ වෙද්දි ලෝකය පුරාම ජීවත්වෙන ලාංකිකයන් අතරින් බහුතරයක් සිංහල-හින්දු අලුත් අවුරුද්ද උදාවීම සැමරීම සිදුකරනවා. සොබාදාහම එක්ක, මිනිස්සුන්ගේ සබඳතා එක්ක වගේම මානව ගුණධර්ම එක්ක සම්මිශ්‍රණය වුණු අපූරු චාරිත්‍ර වාරිත්‍ර ගණනාවක් ඇති මේ අලුත් අවුරුද්ද එක්කම අපි එකිනෙකාට සුබ පැතුම් එක්කරගන්නවා අලුත් අවුරුද්ද සුබ වෙන්න කියලා.

ඇත්තටම එහෙම ප්‍රාර්ථනා කලාම අවුරුද්ද සුබ වෙනවද? අපි කාටහරි යහපත් අදහසින් ප්‍රාර්ථනාවක් එකතු කරන එක බොහොම හොඳ දෙයක්, ඒ වගේම ඒ ප්‍රාර්ථනාවටන්ට අපි මොන විදිහේ මානසික තත්ත්වයක හිටියත් යහපත් සහ ධනාත්මක ප්‍රාර්ථනාවකින් පිළිතුරු එකතු කරන එකත් හොඳ සිරිතක්. ඒත් එහෙම වුණා කියලා ඇත්තටම අවුරුද්ද සාර්ථක වේවිද?

ලංකාවේ අපිට තියන ලොකුම ප්‍රශ්නයක් තමයි අපි ප්‍රාර්ථනා කලාම, ආගමික ඇදහිලි කලාම, යන්ත්‍ර මන්ත්‍ර බලි තොවිල් කලාම යහපතක් වේවි හැමදේම හොඳින් වේවි කියලා. ඒක හරියටම ලොතරැයි දිනුමක් ඇදෙනකල් ලොතරැයියක් නොගෙන බලාගෙන ඉන්නවා ව‍ගේ දෙයක්. 

ඒ නිසා අපේක්ෂාවකට පැතුමකට ‍සීමා නොවී කම්මැලි නැතිව හොඳ අරමුණක් කැපවීමක් සහිතව අලුත් අවුරුද්දේ වැඩ කලොත් ඔබේ සාර්ථකත්වය සැකයක් නෑ. ඒ නිසා වගේ කම්මැලි නැති අවුරුද්දක් වෙනුවෙන් පැතුම් එක්කරන මොහොතේ ලෝක‍යේ බොහෝ සාර්ථක මිනිසුන් පිටුපස ඇති පොදු ප්‍රතිපත්ති කිහිපයක් මේ විදිහට ලියා තියන එක ඔබට වැදගත් වේවි.

  1. උනන්දුව වගේම ඔබේ කැපවීම ගැන අවධානය යොමු කරන්න.
  2. දැනුම හොයන්න, ප්‍රතිඵල ගැන බිය නොවන්න.
  3. ඔබේ ගමන ගැන ඔබ සතුටින් ඉන්න.
  4. ඔබේ පරිකල්පනයන් නිවැරදිව භාවිතා කරන්න.
  5. හැමවිටම හොඳක් පමණක් වේවි යන සිතිවිල්ල අතහරින්න.
  6. බාධාකිරීම් වලින් ඈත් වෙන්න.
  7. අනිත් අය මත යැපීමෙන් වළකින්න.
  8. නිවැරදිව සැලසුම් කරන්න.
  9. ඔබේ ධෛර්ය හීනවීමෙන් ගැලවෙන්න.

Post a Comment

0 Comments