Header Ads Widget

Responsive Advertisement

ජර්මනියේ “කාන්තාවන් අනිවාර්යයි” සම්මුතිය බිස්නස් ලෝකයටත් යයි

 


ජර්මන් රජය විසින් ස්ත්‍රී-පුරුෂ පරතරය අවම කිරීමේ යෝජනාවක් සම්මතවීමෙන් අනතුරුව සිදුකරගෙන යන සම්මුතිමය වෙනස්කිරීම් අනුව එරට ප්‍රමුඛපෙළ සමාගම් සියල්ලකම පාහේ ප්‍රධාන තරනතුරු සඳහා කාන්තාවන් පත්කල යුතුයි යන ස්ථාවරයට පැමිණ තිබේ.

ජර්මනියේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරික ආයතන 30 ක් සලකා බැලූවිට අධ්‍යක්ෂක මණ්ඩලයේ කාන්තා නියෝජනය 12% ක් පමණ බව වාර්තා වේ. පාර්ලිමේන්තුවේ සම්මතකරගත් නීතිය අනුකූලව අධ්‍යක්ෂක මණ්ඩලය සාමාජිකයන් හතරක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් පවතින ආයතන අවම එක් කාන්තා අධ්‍යක්ෂකවරියක් හෝ පත්කල යුතු බවට අදාල සමාගම්වලට දැනටමත් දැනුම්දී ඇත.

මෙම නව නීතිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජර්මන් අධිකරණ අමාත්‍යවරිය වන ක්‍රිස්ටින් ලැම්බ්‍රේට් ප්‍රකාශ කර ඇත්තේ “කුසලතා සහ සුදුසුකම්වලින් පරිපූර්ණ කාන්තාවන් සඳහා මෙය හොඳම අවස්ථාව” බවයි. එසේම පවුල් කටයුතු පිළිබඳ අමාත්‍ය ෆ්‍රැන්සිස්කා ජිෆී පවසා ඇත්තේ “නූතන ලෝකයේ ප්‍රවණතා සමග ජර්මනිය ඉදිරියට යන බව පෙන්වීමට මෙය ඉතා හොඳ උදාහරණයක්” බවයි.

ජර්මනිය යනු යුරෝපාකරයේ ආර්ථික වර්ධනය සහ සමෘද්ධිය අතින් ඉහළින්ම සිටින රටක් වන නමුත් කාන්තාවන් වෙනුවෙන් තනතුරු වෙන්වීම අතින් සිටින්නේ පහළ තත්ත්වයක ය. ජර්මනියේ කාන්තාවන් ආයතිනකව ඉහළ තනතුරු දැරීම 12%ක් පමණක් වුවද, එක්සත් ජනපදයේ එය 28% ක්, බ්‍රිතාන්‍යයේ 24% ක් සහ ප්‍රංශයේ 22% ක පමණ ප්‍රතිශතයක් වේ.

මෑතකාලීනව ජර්මනිය තුල කාන්තාවන් ආයතනවල ඉහළ තනතුරු දැරීම ඉහළ යමින් තිබුණද කොරෝනා වසංගත තත්ත්වය සමග එය නැවතත් පහත බැස ඇති බව රජය සඳහන් කරයි. ජර්මනිය තුල කාන්තාවන්ගේ වැටුප පුරුෂයන්ගේ වැටුපට වඩා 20%ක් අඩුබව ද වාර්තා වන අතර රජයේ උත්සහය එම වැටුප් විෂමතා ඉවත් කිරීමය.

රජය හිමිකාරිත්වය දරන සහ රජයට සම්බන්ධ ආයතනවල කාන්තා අධ්‍යක්ෂකවරියන් අනිවාර්යය කිරීමේ නීතිය ඉතා තදින් ක්‍රියාත්මකවන අතර අනෙකුත් පුද්ගලික සහ බහුජාතික හිමිකම් ඇති සමාගම්වලටද ජර්මනිය තුල ව්‍යාපාර කටයුතු පහසුවෙන් කරගෙන යාමට නම් මෙම නීතියට අවනතවිම හැරෙන්නට වෙනත් විකල්පයක් නොමැති බව දැනගන්නට ලැබේ.

Post a Comment

0 Comments