Header Ads Widget

Responsive Advertisement

AB De ගේ ප්‍රහාරයෙන් Mumbai Indians හාන්සි


2021 ඉන්දියානු ප්‍රිමියර් ලීග් (IPL) තරඟාවලිය අද(09) ඉන්දියාවේදී ආරම්භවුණා. මුල්ම තරඟයට එක්වුණේ රෝහිත් ශර්මාගේ නායකත්වයෙන් යුත් Mumbai Indians කණ්ඩායම සහ විරාත් කෝලිගේ නායකත්වයෙන් යුත් Royal Challengers Banglore කණ්ඩායම් දෙකයි. චෙන්නායි හි චිදම්බර්ම් පිටියේ පැවති මෙම තරඟයේ කාසියේ වාසිය දිනාගත් Royal Challengers Banglore කණ්ඩායම මුලින් පන්දුවට පහර දීමට ප්‍රතිවාදී කණ්ඩායමට ආරාධනා කලා.

මුල් පන්දුවාර 12 තුල කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 100 ය ඉක්මවූ Mumbai කණ්ඩායමට අවසන් පන්දුවාර 8 තුලදී ලබාගත හැකිවූයේ කඩුළු 6ක් බිඳවැටී ලකුණු 59ක් පමණක්වීම හේතුවෙන් ඔවුන්ට ශක්තිමත් ලකුණු පුවරුවක් ලබාදීමට නොහැකිවිය. Mumbai ඉනිමේ කොඳුනාරටිය බිඳ දැමූ Royal Challengers Banglore කණ්ඩායමේ දකුණතින් මදවේග පන්දු යවන ක්‍රීඩක හර්ෂාල් පටෙල් ලකුණු 27 කට කඩුලු 5 ක් බිඳදැමුවේ තමන්ගේ විස්සයි විස්ස ඉතිහාසයේ හොඳම පන්දු යැවීම වාර්තා කරමින් ය.

Mumbai Indians කණ්ඩායම වෙනුවෙන් ක්‍රිස් ලියෝන් හතරේ පහර 4ක් සහ හයේ පහර 3ක් සමග ලකුණු 49 ක් සහ සූර්යකුමාර යාදව් ලකුණු 31ක් ලබාගැනීමට සමත්විය.

ලකුණු 160ක පිළිතුරු ඉනිමක් ක්‍රීඩාකිරීමට පිටියට පිවිසි Royal Challengers Banglore කණ්ඩායම දිගින් දිගටම කරට කර සටනක නිරත වෙමින් Mumbai පිලේ සාර්ථක ‍පන්දු යැවීමේ බලඇණියට සූක්ෂම ලෙස මුහුණු දෙමින් සිටියහ. ජස්ප්‍රීත් බුම්රා සහ මාර්කෝ ජනසෙන් ගේ තියුණු පන්දු යැවීම හමුවේ Royal Challengers Banglore කඩුලු එකිනෙක බිඳවැටෙද්දී එක් අන්තයක ඉතා අගනා ඉනිමක් දියත්කල Mr.360 ලෙසින් හඳුන්වන AB De Villiers අවසාන පන්දුවාරය දක්වා ක්‍රියාත්මක වෙමින් පන්දු 27කදී ලකුණු 48ක් ලබාගත්තේ හයේ පහර 2ක් සහ හතරේ පහර 4ක් සමගින් ය.

ඔහුට අනෙක් අන්තයේ විශාල සහයක් ලබාදුන් ග්ලේන් මැක්ස්වෙල් ලකුණු 39ක් ලබාගත්හ. ඒ අනුව පන්දුවාර 20 තුලදී කුඩුළු 8ක් බිඳවැටීම ලකුණු 160ක ඉලක්කය හඹාගිය Royal Challengers Banglore තරඟයට එක්කගේ දැඩි උණුසුමකි. 

IPL තරඟාවලියේ දෙවැනි තරඟය හෙට Chennai Super Kings කණ්ඩායම සහ Delhi Capitals කණ්ඩායම අතර මුම්බායි නුවරදී පැවැත්වේ.

(ඡායාරූපය - espncricinfo.com වෙබ් අඩවිය)

Post a Comment

0 Comments